රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්වුනා.
ඇමෙරිකාව වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගී වූයේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයන්
රුසියාව වෙනුවෙන් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ රුසියන් රජයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා සඳහා සහභාගී වූනා.
සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කර නොතිබුණු අතර, එය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ කනස්සල්ලට හේතුවක් වූ බවයි.
එසේ වුවත්, සෞදියේ පැවැත්වුණු සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහභාගී කර ගැනීමට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති පුටින් පැවැසූ බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වුනා.
මේ අතර යුක්රේනය නොමැතිව, යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ රුසියාවට හෝ තනි තීරණයක් ගැනීම කළ නොහැකි බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර තිබෙනවා.
යුක්රේන ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, සාකච්ඡා සඳහා යුක්රේනය පමණක් නොව, යුරෝපා රටවල නියෝජිතයන් ද සහභාගී කරගත යුතු බවයි.