ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් බවයි වාර්තා වන්නේ.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ කරනු ලබනවා.
කෙසේ නමුත් අනතුරින් එක් ධීවරයෙකු මුදවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇති බවයි වාර්තාව වන්නේ.