බි්‍රතාන්‍ය රාජ්‍ය ලැයිස්තුවේ 8 වන ස්ථානයේ සිටින ඇන්ඩෲ කුමරුට එම පදවියෙන් ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.
අධිකරණයේ වරදකරු වූ ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමග ඇති සබඳතා හේතුවෙනුයි ඔහුට මෙම පදවිය අහිමිව ඇත්තේ.
මෙම චෝදනා පිළිබදව පැවැත් වූ පරික්ෂණවලින් අනතුරුවයි ඇන්ඩෲ කුමරුට ඔහුගේ “කුමාරයා” පදවිය අහිමිව තිබෙන්නේ.
ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය මේ බව පවසා ඇති අතර ඔහුට වින්ඩ්සර් මාලිගය වන රෝයල් ලොජ් තුළින් පිටව යාමට ද නියෝග ලැබී තිබෙනවා.
ඒ අනුව ඇන්ඩෲ කුමරු චාල්ස් රජු විසින් පෞද්ගලිකව අරමුදල් සපයන බව කියන සැන්ඩි්‍රන් හැම් වතුයායේ පෞද්ගලික නවාතැන්පලකට යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.













