මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 17,459 ක් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ අප්‍රේල් මාසය තුළ පමණක් රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඉන් වැඩි සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්බතා වී ඇති බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.