ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා.
1879 වසරේදී ආරම්භ වූ රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන ලොව දෙවැනි පැරණිතම මෙන්ම, දීර්ඝතම මහා ක්‍රිකට් තරගය ලෙස සැලකෙනවා.
එය දෙවැනි වන්නේ ඔස්ටේරලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල සහ සාන්ත පීතර යන විදුහල් දෙක අතර 1878 වසරේ සිට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයට පමණයි.
2023 වසරේදී නිල් මහා සටන ජය ගනු ලැබුවේ රාජකීය විද්‍යාලයයි.
ඔවුන් මෙතෙක් තරග 36 ක් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් විද්‍යාලය තරග 35 ක් ද ජය ගැනීමට සමත්ව තිබෙනවා.
ශාන්ත තෝමස් කණ්ඩායම මෙවර කවිඳු ඩයස්ගේ නායකත්වයෙන් තරග වදින අතර රාජකීයන්ට නායකත්වය ලබාදෙන්නේ රමිරු පෙරේරායි.