මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පැවැත්වුණා.
එහිදී මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා ඡන්ද 12ක් හිමිකර ගනිමින් තේරී පත් වුණා.
එමෙන්ම කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් මහතා උප සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වුණා.