වතු පාලන අධිකාරියේ අවිදිමත් පාලනය හේතුවෙන් මාස 14ක් වයසැති සිඟිත්තෙක් මියගිය බවට චෝදනා කරමින් හැටන් ෂනැන් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් මියගිය සිඟිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නිරතව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ෂන් නමැති මාස 14ක් පමණ වයසැති සිඟිත්තෙකි.
පසුගිය 15 වනදා රාත්‍රී 9ට පමණ සිගිත්තා හදිසියේ රෝගාතුර වී තිබෙනවා.
පසුව එම සිඟිත්තාව වතු රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වතු වෛද්‍යවරයා එහි නොසිටි නිසා රෝගී වූ සිගිත්තාව දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යාමට වතුයායේ ලොරි රථය රැගෙන යාමට උත්සාහ කළද එහි රියදුරුවරයා සිට නැහැ.
කෙසේ වෙතත් පෞද්ගලික වාහනයකින් දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගොස් තිබෙනවා.
එලෙස යන අතරතුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුට දරුවා පෙන්වූ බවත් එහිදී එම රෝහලේ වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දරුවා දික්ඔය මූලික රෝහත වෙත රැගෙන ගිය බවය විරෝධතාවයේ නියැලුණු දරුවාගේ දෙමාපියන් ඇතුළු වතු කම්කරුවන් කියා සිටියේ.
උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ තම වතු යායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට තම වතුයායේ පාලන අධිකාරිය ක්‍රියානොකරන බවයි.
මේ සම්බන්ධයෙන් වතු පාලනාධිකාරීයෙන් කරුණු විමසීමට උත්සාහ කළත් වතු පාලනාධිකාරියෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.
ජීවිතක්ෂයට පත්වූ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකර ඇති අතර එහිදී දරුවාට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මියගොස් ඇති බව නිගමනය කර තිබෙනවා.