පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම කැළණි ගංඟා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව පහත් බිම්වල සිටින ජනතාවට ඉදිරි පැය 48 අවදානම් බවටයි ආපදා අංශ පවසන්නේ.
ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.
මේ අතර පළාත් කිහිපයකට නායයාම් අනතුරු ඇගවීම් ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මෙලෙස නිකුත් කරනු ලැබුවා.