මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒම ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය කියා සිටියේ දිවයින පුරා සිදු කරනු ලබන විශේෂ මදුරු මර්දන සතිය තුළදී ගතවූ දින තුනේදී මෙම ස්ථාන සොයාගෙන ඇති බවයි.
එසේම වෛද්‍යවරිය කියා සිටියේ දිස්ත්‍රික්ක අටක අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල දින තුනක් පුරා මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි.
එහිදී පාසල් 229ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් පාසල් 29ක මදුරු කීටයන් සහිත ස්ථාන හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එසේම මෙය බරපතල අවදානම් තත්ත්වයක් බැවින් එම තත්ත්වයන් මගහරවා ගැනීමට පාසල් බලධාරීන් දෙමාපියන් මෙන්ම අදාළ පාර්ශ්වයන් දැඩි අවදානයක් යොමු කළ යුතු බවද එම ඒකකය පවසනවා.
මේ අතර ඊයේ දිනයේදී පරිශ්‍ර විසි දහසකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මදුරුවන් බෝවිය හැකි යැයි පරිශ්‍ර පන්දහසකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.
එසේම එහිදී මදුරු කීටයන් සහිතව පරිශ්‍ර 567ක් හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.