වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ඉදිරියේදී ඉහළ යෑමට ඉඩ ඇති බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සදහන් කළේ සත්ත්ව ආහාරවල මිල ඉහළ යෑම බිත්තර සහ කුකුළු මස්වල මිල ද ඉහළ යෑමට හේතුවන බවයි.
කෙසේ නමුත් පාරිභෝගිකයාට අසාධාරණයක් වන පරිදි කුකුළු මස් හා බිත්තර මිල අධික ලෙස ඉහළ දැමීමට තම සංගමයේ අවසරය වෙළෙඳුන්ට නොදනෙ බව ද ඒ මහතා පැවසුවා.