සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ඹනවලට අදාළව ආරක්ෂිත සේප්පුවක තිබී රන් භාණ්ඩ යැයි සැකකෙරෙන ආභරණ තොගයක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව, මෙම සැකකරුගේ බිරිඳගේ මව වන නල්ලාහන්දි ශ්‍යාමා කුමුදුනී යන අයට අයත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යැයි සැකකරන ආභරණ කිලෝ 01 ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් අධිකරණයේ නියෝග ප්‍රකාරව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.
මෙම ආභරණ නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගන්නා ලද ආභරණ ද යන්න සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන කටයුතු සිදුකරයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් “පොඩි ලැසී” නැමති සැකකරු සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස විමර්ශන ආරම්භ කර තිබෙනවා.