ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද(18) සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබාගැනීමට සමත් වූවා.
ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
එහිදී මොහොමඩ් නබි ලකුණු 60ක් ලබාගැනීමට සමත්වූයේ දැවැන් හයේ පහරවල් හයක් සහ හතරේ පහරවල් තුනක් සමගින්.
ඊබ්‍රහිම් සඩ්රාන් සහ නායක රෂීඩ් කාන් ලකුණු 24 බැගින් ලබාගැනීමට සමත්වූවා.
Sediqullah Atal ලකුණු 18ක් ලබාගත් අතර රහ්මනුල්ලා ගුර්බස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 14ක් පමණයි.
සෙසු ක්‍රීඩකයින් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු හතරක් දවා ගත් අතර ඔහු වැය පන්දුවාර 4දී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18ක් පමණයි.
දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේ අවසන් පන්දුවාර දෙකේදී දැඩි ප්‍රහාරයට ලක් වූයේ නබි විසින් එල්ල කරන ලද හයේ පහර හේතුවෙන්.
එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් ලබාගැනීමට සමත් වූවා.
එසේම නොදැවී පන්දුවට පහර දුන් කමිදු මෙන්ඩිස් ලකුණු 26ක් ලබාගැනීමට සමත් වූවා.
කුසල් පෙරේරා ලකුණු 28කුත් නායක චරිත් අසලංක ලකුණු 17ක්ද ලබාගැනීමට සමත් වූවා.
පැතුම් නිශ්ශංක ලකුණු 6ක්ද කමිල් මිෂාර ලකුණු 4ක්ද ලබාගත්තා.
අතිරේක ලකුණු ලෙස ලකුණු 16ක් ශ්‍රී ලංකා ඉනිමට එක්වූවා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන් කණ්ඩායම වෙනුවෙන් මුජීබ් උර් රහ්මන්, අස්මටුල්ලා ඔමර්සයි, මොහම්මඩ් නබි සහ නූර් අහ්මඩ් එක් කඩුල්ල බැගින් ලබාගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරුණා.