මේ මාසයේ මුල් සතිය තුළ සංචාරකයින් 33,910 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙලෙස පැමිණ ඇති සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, බ්‍රිතාන්‍ය , චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, බංග්ලාදේශය සහ රුසියාව, යන රටවලින් වීම විශේෂත්වයක්.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 930, 794 ක්.