Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇහැලේපොළ කෞතුකාගාරය ජනපතිගේ සුරතින් මහජන අයිතියට

    ඇහැලේපොළ කෞතුකාගාරය ජනපතිගේ සුරතින් මහජන අයිතියට

    2025-07-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය අද ජනතා අයිතියට පත් කර තිබෙනවා.
    ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන්.
    නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබෙනවා.
    ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.
    පාරම්පරික කර්මාන්ත පිළිබඳ ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි භෝජනාගාරයක්ද මෙහි ස්ථාපිත කර ඇති බවයි වාර්තා වුනේ.
    එමෙන්ම, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි, පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය හා මොණරවිල කැප්පෙටිපොළ දිසාව ඇතුලු චරිත රැසක ඉටි රූප මෙහි නිර්මාණය කර තිබෙනවා.

    මීට අමතරව දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා, ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු ඉතිහාසයෙ තවත් සුවිශේෂි චරිතවලට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කර ඇති බවයි වාර්තා වුනේ.
    ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇති බවයි අපේක්ෂා වන්නේ.

    එසේම, වර්තමාන පරපුරට උඩරට රාජධානිය සහ ඒ සමඟ බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටද මෙම කෞතුකාගාරය පත් වනවා.

    ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොළ වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක්.

    පෙර පුව​තඅසත්‍ය ප්‍රචාර වලට අගමැතිනියගෙන් පිළිතුරු
    ඊළඟ පුව​ත දුම්රිය කළමණාකරණය කාර්යක්ෂම කිරීමට පියවර

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group