ශ්‍රීපාද වන්දනා වාරය ඊයේ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු ශ්‍රී පාද උඩ මළුවේ තැම්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින් කොටසක් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීම අද උදෑසන 7ට සිදු කෙරැණා.
ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු ශ්‍රී පාද උඩ මළුවේ අද උදෑසන බුද්ධ පූජාවෙන් අනතුරුව එම පෙරහැර වැඩම කරවීම ආරම්භ කෙරුණාා.
එම පෙරහැර රත්නපුර පලාබද්දල මාර්ගයේ රජ මාවත ඔස්සේ වැඩම කෙරෙන බවත් අද දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේ බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව මෙවැනිම පෙරහැරක් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරනු ලබනවා.
එතැන් සිට හැටන් නල්ලතන්නියල කිතුල්ගල අවිස්සාවේල්ල රත්නපුර මාර්ගය ඔස්සේත් තවත් පෙරහැරක් බගවන්තලාව බලන්ගොඩ මාර්ගය ඔස්සේත් පෙරහැරවල් දෙකක් වශයෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන බවයි ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපතිල සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායකල පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වරල ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්යල ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධානල බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් කියා සිටියේ.