මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙක් දඹගල්ල සහ ගිරිබාව ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දඹගල්ල, බොලගල්ල ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ගිරිබාව යාය 04 ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගිරිබාව පොලිසිf් නිලධාරීන් පිරික ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී සෝලේවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් පමණ වන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.