ගම්පහ, ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර වැසිකිළිවලකට දමා තිබූ පුද්ගල මළ සිරුරක් අධිකරණ නියෝග මත ගම්පහ පොලිසිය විසින් ගොඩ ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉදුරුගල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 61 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
අදාළ ඝාතනය පසුගිය වසරේ සැප්තැම්බර් මස 08 වන දින දින සිදු ව තිබුණා.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සොහොයුරකු විසින් අතුරුදන් වීමක් සම්බන්ධව ගම්පහ පොලිසියට සිදුකළ පැමිණිල්ලකටයි අනුව විමර්ශන ආරම්භ කර තිබුණා.
කෙසේවෙතත් වසරක පමණ විමර්ශනයකින් පසුව අනාවරණය වූ කරුණු අනුව පොලීසිය විසින් ඊයේ දිනයේ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ අදාළ පුද්ගලයින් තිදෙනා එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි.
එම අවස්ථාවේ මෙම පුද්ගලයාට පොල්ලකින් පහර දී පසුව වැසිකිළිවලට දමා වසා දැමූ බවයි ඔවුන් පාපොච්චාරණය කර තිබුනා .













