නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙනි.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග එක්ව සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් බවයි පොලිසිය කියා සිටියේ.
වැලිකඩ පොලිසිය කියා සිටියේ සැකකාර කාවිංග අද(13) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණ ුබවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වන විට අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසනවා.
පියුමි හංසමාලිගේ පුතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ඇති අතර පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස කියා සිටියා.
“මගේ මහත්තයා නෙළුම් පෙදෙසට දාද්දි ඒ ගොල්ලෝහ ිතලා තියෙන්නේ මගේ මහත්තයා තමයි එයාලාගේ කෙනා හප්පලා තියෙන්නේ කියලා.
මගේ මහත්තයා මොකුත් කරලා නෑ.
එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා.
හෙල්මට්වලින් 10ක් විතර පිටටයි ඔළුවටයි අතටයි වැදිලා තියෙනවා.
ගහලා තියෙන්නේ පියුමිගේ පුතා කාවිංග.
තව එයා එක්ක විස්සක් දහ අටක් විතර එතැන හිටියා කියලා තමයි මහත්තයා කිව්වේ.”