මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙන යාමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට අද(07) පස්වරුවේ එක්වෙමිනි.
බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දැනට මාතර බන්ධනාගාරය පිහිටි භූමිය බන්ධනාගාරයකට අවශ්‍ය කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවයි.
ඒ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්, කාර්ය මණ්ඩලයය මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.
මේ සඳහා විසඳුමක් ලෙස මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර මාතර නව අධිකරණය ස්ථාපිත කර ඇත්තේද කොටවිල ප්‍රදේශයේයි.
එසේම එම ප්‍රදේශයේම බන්ධනාගාරය ඉදිකිරීමටද ඉඩමක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.