සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සතුන් 10 දෙනෙකු මෙරටට රැගෙන විත් තිබෙනවා.
දුඹුරු වලසුන් දෙදෙනකු, හයිනාවන් දෙදෙනකු සහ මියර් කැට් සතුන් හයදෙනකු ඊට ඇතුළත්.
ඊයේ මෙරටට ගෙන ආ හයිනා සතුන් දෙදෙනා රිදීගම සෆාරි උද්‍යානය වෙතත්, අනෙකුත් සතුන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත යොමු කර තිබෙනවා.
අදාළ සතුන් මසක නිරෝධායනය කාලයකින් අනතුරුව මහජන ප්‍රදර්ශනයට එක්කරන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සී. රාජපක්ෂ සදහන් කළේ.