හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ජුලි මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ හිටපු අමාත්‍යවරයා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව අද (14) විභාගයට ගැනුණා.
ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.