පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය ඊයේ දිනය බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
කෙසේවෙතතත් ස්වයං ප්‍රකාශන භාරදීමේ එවැනි අවසාන දිනයක් තවමත් නියම කර නොමැති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් අවශ්‍ය නොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ගමේ සංවර්ධනය විනිවිදව කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්
- ජනපති කියූ ලෙස දේශපාලන අතපෙවීම්වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාවට සහන දෙන්න
- 16 වනදා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
- නුවරඑළියට වැලි ප්‍රවාහනයට පොලිසියෙන් කොක්කක්
- ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
- හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙලක්
- ආපදා හේතුවෙන් විනාශ වූ පොල්ගස් සදහා වන්දී මුදලක්
- දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදන













