සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ලබන මස ආරම්භයේ එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
එහි මූලික මූලික අදියර තුළ කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙය ක්‍රියාත්මක වනවා.
ඒ ජාතික ගමනාගමන කොමිසමේ අධික්ෂණය යටතේයි.
දුර ගමන් විනෝද චාරිකා බස් රථද මෙම තත්ත්ව පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම තත්ත්ව පරීක්ෂණයෙන් තොරව කිසිදු දුර ගමන් විශේෂචාරිකාවක් සඳහා අනුමැතිය හිමිනොවනු ඇති.
කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් ගන්නා බස් රථ ධාවනය ආරම්භයට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ලබා ගත යුතු වනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය උපදේශයන් චක්‍රලේඛයක් මගින් නිකුත් කිරීමට කටයුතු සිදු කරමින් පවතිනවා.
පළමුව රථවාහන අලුත් වැඩියාවන් සිදුකරනු ලබන ස්ථාන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරික්ෂා කරනු ලබනවා.
ඉන් අනතුරුවයි මෙම යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ බලය ලබාදීමට කටයුතු කරනු ලබන්නේ.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ගෙන්නූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
- විමල්ට පොලිසියෙන් කැඳවීමක්
- නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට
- කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
- දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්
- කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ
- දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අයෙක් අත්අඩංගුවට