බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානි ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් නොමග යැවීමේ චෝදනා හේතුවෙන්.
2021 වසරේ අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කථාවක් සංස්කරණය කිරීමේදී එය ජනතාව නොමග යන ආකාරයේ සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දෝෂාරෝපණ එල්ල වී ඇතැයි වාර්තා වනවා.
බීබීසී ‘පැනොරාමා’ නමැති වැඩසටහනේදී ජනාධිපතිවරයාගේ කථාවක් සංස්කරණය කර ඇත්තේ, ඔහු විසින් ජනතාව උසිගැන්වීමේ අරමුණින් සිදු කරන ලදැයි හැඟී යන ආකාරයෙන් බව සඳහන්.
නමුත්, එහිදී ජනාධිපතිවරයාගේ කථාව ආරම්භයේ සහ අවසානයේ කොටස් දෙකක් එකතු කර වැරදි අර්ථදැක්වීමක් වන පරිදි එය සංස්කරණය කර ඇති බව හෙළි වී තිබෙනවා.
මෙම වරද හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.













