රුපියල් මිලියන එක් ලක්ෂ 57, 500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පැවැත්වෙනවා.
ඒ අනුව දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.