Author: Suraj Alwis
දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වර්තමානය වන විට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය පවසනවා. දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී අවසන් කර තිබුණද, එම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතියේ කාර්ය සාධන විගණනය ප්‍රකාශයට පත් කරමින් ජාතික විගනණ කාර්යාලය මේ බව දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් දීප ව්‍යාප්තව දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා. මේ අතර එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ…
මහියංගණ – බදුල්ල මාර්ගයේ, මාපාකඩවැව – 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයීය නිලධාරීන් මහියංගණ පොලිසිය සහ ගම්වාසීන් ඒක්ව කඩිනමින් වියානා ඇළට පෙරළී ගිය මෝටර් රථය මහත් වෙහෙසක් දරා ගොඩ ගෙන ඇති අතර එහිදී මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති බව සඳහන්. අනතුරුව ඔවුන් කඩිනමින් ගිලන් රථයක් මගින් මහියංගණ මුලික රෝහලට රැගෙන ගියද, ඒ් වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඌව සහ උතුරු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට බලහත්කාරයෙන් පැමිණි කාන්තාවක ඔහුගේ ආසනයේ අසුන්ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. එලෙස අසුන් ගත් කාන්තාව පසුව මානසික ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ 59 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බව සඳහන්. එමෙන්ම අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක බවටයි අනාවරණ වී ඇත්තේ.
මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක අත්අඩංගුවට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේදී මෙම වැටලීම සිදු ඇති අතර, එහිදී රු 5,000 ක මුදල් නෝට්ටු 10ක් සමඟ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පනස් දෙහැවිරිදි මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකකාරියගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ ව්‍යාජ රුපියල් 5,000 සේ මුදල් නෝට්ටු 25 ක්, රුපියල් 1,000 සේ නෝට්ටු 08 ක්, රුපියල් 100 යේ නෝට්ටු 01 ක් සහ රුපියල් 20 සේ නෝට්ටු 02 ක් සොයා ගෙන තිබෙනවා. මෙම සිද්ධිය…
පාතාල කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා පවසනවා.කොළඹ දී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කිසිදු නිල තොරතුරක් මැලේසියාවෙන් මෙතෙක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ වෙඩි තැබීම් 68 න් 50 ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් වාර්තා වූ වෙඩි තැබීම් බවට අනාවරණ වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර, 34 දෙනෙකුම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්…
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ සමත් වුණා. තුන්වැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය ඊයේ ආරම්භ කල අවස්ථාවේදී ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුළු 4 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් තවත් කඩුළු 5 ක් ලකුණු 105 ක් තුළ දවා ගැනීමට සමත් වුණා. වොෂින්ටන් සුන්දර් ලකුණු නොලබා දැවී ගිය අතර නිතිෂ් කුමාර් ලකුණු 13 කටත්, ජස්ප්‍රිත් බුම්රා ලකුණු 5 කටත් දැවී ගියේ ඉන්දීය කණ්ඩායම පරාජයක් අභියසට…
රුසියාවට සියයට සියයක ඉතා දැඩි ද්විතීයික තීරු බදු හඳුන්වා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දින 50 ක් ඇතුළත යුක්‍රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹෙන්නේ නැත්නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට එක්සත් ජනපදය සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ ඕවල් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.දින පණහකින් අපට ගිවිසුමක් නොමැති නම් අපි ඉතා දැඩි තීරු බදු පනවන්නෙමු යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් තීරු බදු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ඔහු නිශ්චිත තොරතුරු ලබා නොදුන් බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
ඇමෙරිකාව මෙරටට පැන වූ සියයට 30 ක අන්‍යෝන්‍ය තීරු බදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබා ගැනීමට ලබන අගෝස්තු මස පළමු වැනිදාට පෙර ඇමෙරිකාව සමග සාකච්ඡා සිදු කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ වෙනුවෙන් සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරමින් නව අන්‍යෝන්‍ය තීරු බදු හඳුන්වාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකාවට සියයට 44 ක තීරු බදු පනවනු ලැබුවා. අනතුරුව එය ක්‍රියාත්මක කිරීම දින 90 ක කාලයකට අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ රටවල් රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම්…
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් වී තිබෙනවා. අවසන් මහා තරගයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 3 ට 0 ක් ලෙස පහසුවෙන් පරාජය කර ඔවුන් ශුරතාව දිනා ගනු ලැබුවා. චෙල්සි කණ්ඩායමක් ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා අතරටද එක් වනවා. කෙසේ වෙතත් අවසන් මහා තරගය නිව්යෝර්ක් හි මෙට් ලයිෆ් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේ පැවති අතර, තරගය මෙරට වේලාවෙන් අද අලුයම අවසන් වුණා. මෙම ජයත් සමග ජයග්‍රාහී චෙල්සි කණ්ඩායමට ශුරයින් සදහා පිරි නැමූ අමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදල් ත්‍යාගයට හිමිකම් කීමටද අවස්ථාව උදා වීම විශේෂත්වයක්. එමෙන්ම ඔවුන් මූලික…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222