Author: Suraj Alwis

ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ප්‍රහරයක් එල්ල කර තිබෙනවා. ඉරාන මාධ්‍ය පැවසුවේ, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරු ද සජීවීව පටිගත වී තිබෙනවා. පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර පෙර පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීම ආරම්භ කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම සිදු වීමට පැයකට පමණ පෙර ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් වන ලෙසද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.

තව කියවන්​න

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල, බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී ඊයේ දිනයේදී තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් මෙලෙස සාක්ෂි ලබා දී තිබෙනවා. මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙරවරු 9.30 සිට පස්වරු 07.30 දක්වා මෙලෙස සාක්ෂි ලබා…

තව කියවන්​න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433 ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න