Author: Suraj Alwis

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කර ඇත්තේ.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවද ගිගුරුම්…

තව කියවන්​න

රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින්. පසුගිය ජූනි නව වැනිදා කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට සහ ඉතිරි කොටස නොගෙවන්නේ නම්, බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුව එම කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා. මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, ලද තොරතුරක් මත…

තව කියවන්​න

ඊශ්‍රායලය සහ ඉරානය අතර වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බව ඊශ්‍රායලයේ පිහිටි ජනගහණ හා සංක්‍රමණ අධිකාරිය දැනුම් දී තිබෙනවා. මෙම තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙනවා. එමෙන්ම, මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට නැවත ඊශ්‍රායලය වෙත රැකියාව සඳහා යාමට අපේක්ෂාවෙන් මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ටද මෙය අදාල වන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා…

තව කියවන්​න

හිටපු අමාත්‍යවරයෙකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන ජූලි මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. මෙම පෙත්සම එස්. තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්…

තව කියවන්​න

කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය පල කරමින් විරෝධතාවක් පවත්වන බව එක්සත් ලක්වනිතා පෙරමුණ පවසනවා. මේ අනුව අද පෙරවරු 11.30 ට කොළඹ මහනගර සභාව ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාවට පක්ෂ භේදයකින් තොරව කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධය පල කිරීම සඳහා එක්වන ලෙස සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු ප්‍රජාවට එම පෙරමුණ ආරධානා කර සිටිනවා. මේ අතර කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පෙරේදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගය පක්ෂයේ ආධාරකරුවන්…

තව කියවන්​න

ඉරානයේ උත්තරීතර නායක, අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බවත්, ඔහු පහසු ඉලක්කයක් බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් ඔහු ඝාතනය නොකරන බවත්, මේ මොහොතේ කිසිසේත්ම ඔහු ඝාතනය කිරීමට යොමු නොවන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබෙනවා. නමුත් මේ වන විට ඉරානයේ උත්තරීතර නායකයා එහි ආරක්ෂිතව සිටින බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සටහනෙන් අවධාරණය කරනවා. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදු කරමින් පවසා ඇත්තේ මේ වන විට ඉවසීමේ සීමාව අඩු වෙමින් පවතින බවයි.

තව කියවන්​න

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා. මේ සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්, සම්පත් තුයියකොන්තා මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක්ද සභභාගි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. නීති විරෝධී ධීවර කටයුතු නැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධ ගැටලු ආදී ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ වන විවිධ ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කර තිබෙනවා. මේ අනුව සාධාරණ ඉල්ලීම් පිළිබඳව සලකා බලා අදාළ…

තව කියවන්​න

කුලියාපිටිය නගරාධිපති අපේක්ෂක, හිටපු නගරාධිපතිවරු සහ ආසන සංවිධායකවරු කිහිපදෙනකුට ඊයේ පස්වරුවේ පහරදීමක් සිදුව ඇති බව කුලියාපිටිය පොලිසිය පවසනවා. අද පැවැත්වෙන කුලියාපිටිය නගර සභා සභාපති තෝරා පත් කර ගැනීම වෙනුවෙන් කුලියාපිටිය හෝටලයක පැවති සාකච්ඡාවකදී මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. එම සාකච්ඡාව අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් මත මෙම පහරදීම සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සාකච්ඡාව අතරතුර එක්වරම නැගී සිටි බුද්ධික මහේෂ් මන්ත්‍රීවරයා තමන්ටද සභාපති ධූරය අවශ්‍ය බව පවසා අතයි සඳහන්. ඔහු එලෙස පැවසීමෙන් සාකච්ඡාව උණුසුම් වූ බවත්, එහිදී බුද්ධික මහේෂ් නැමැති මන්ත්‍රීවරයා විසින් පිරිසට පහර දුන් බවත්, පහරකෑමට ලක්වූ සභාපති අපේක්ෂක ගාමිණී කරුණාරත්න පවසා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම පහරදීම…

තව කියවන්​න

බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබා දීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි. කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මෙම මස 30 වැනිදා සිට වාහන ධාවනයේ දී ආරක්ෂණ යෝජනා ක්‍රම 85 ක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

තව කියවන්​න