- හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කපන්න කැබිනට් අනුමැතිය
- හිටපු ලොක්කෝ හොරෙන්ම චෛත්‍යයක් විකුණලා මිහින්තලා නායක හිමිගෙන් අනාවරණයක් !
- ඇත්ත අන්තරේ විස්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත කියයි !
- නව අධ්‍යාපන ප්‍රතිස්කරණ ගැන විපක්ෂය කියන දේ ..
- හිටපු ඇමැති මනුෂගේ පෞද්ගලික ලේකම්ට ඇප
- සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් රක්ෂිතයකින් හමුවෙයි
- යතුරු පැදියෙන් වැටී ටිපර් රථයට යටවී අවසන් ගමන් යයි
- සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
Author: Suraj Alwis
මෙක්සිකෝවේ, පැසිෆික් වෙරළ තීරයට බලපා ඇති එරික් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී අතිශයින්ම භයානක වූ සිව් වැනි කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට ඇමරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව එරට බලධාරින් ජනතාවට දැනුම් දී ඇත්තේ නිකුත් කරන නිවේදන පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි. එමෙන්ම මෙක්සිකෝවේ ගුවෙරේරෝ සහ ඔක්සාකා හි පදිංචිකරුවන්ට ගංවතුර පිළිබඳ අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව සහ ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මරාන්තික බැක්ටීරියා ද්‍රාවනයක් ඇති බවටත් ජර්මනියේදී කළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙන්වන ලද ඖෂධයක තිබී ඇත්තේ ලුණු ද්‍රාවණයක් පමණක් බවටද අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණු ඊට අදාළ නඩු විභාගය ඊයේ දිනයේදී අවසන් කෙරුණු අතර, අදාළ නඩුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි. ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය…
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳ, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම පුද්ගලයින් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන්. ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා දේවි වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍යන් රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත්…
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද මැදියම් රැයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි එම සංගමයේ ලේකම්, කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පෙන්වා දෙන්නේ.
ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටව යන ලෙස රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව වහාම එම රටවලින් පිටවන ලෙස මේ වන විට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දියාව ද එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙසයි. ඒ සඳහා පෞද්ගලික මෝටර් රථ භාවිත කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. ඉරානයෙන් පිටවන ඉන්දියානුවන්ට ආර්මේනියා දේශසීමාව ඔස්සේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බවද සඳහන්
අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය යන තේමාවෙන් පැවති ප්‍රතිපත්ති සංවාදයට අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වී තිබෙනවා. මෙම වැඩසටහන ඊයේ කොළඹ, රත්නදීප හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබුණා. මෙම ප්‍රතිපත්ති සංවාදය ලෝක බැංකුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ගේට්ස් පදනමේ සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ මූල්‍ය සහාය ඇතිව සංවිධාන කර තිබෙනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම ප්‍රතිපත්ති සංවාදය ආහාර නාස්තිය අවම කිරීම, ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් පැවැත්වෙනු ඇති. ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ…
පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරී පත් වූ උළුවඩුගේ සඳමාලි මන්ත්රිවරියගේ සුවදුක් බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹ ජාතික රෝහලට ගොස් තිබුණා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට මෙලෙස පහර දී තිබුණා. පහරකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මේ වන විටත් ඇය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට පහළොවකින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බඳ සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ජුලි මස මැද භාගය දක්වා ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගන්නා බව එයාර් ඉන්දියා සමාගම පෙන්වා දෙනවා. ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අඩුකරන ලද ගුවන් ගමන් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එහිදී මගීන්ට අමතර වියදමක්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. මේ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…
ඉන්දුනීසියාවේ, ලෙවෝටෝබිහි ලකී – ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි එය සක්‍රීය වී ඇත්තේ. කෙසේ වෙතත් ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට් හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් හතක අරයක් තුළ වාසය කරන පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කිලෝමීටර එකොළහක් දුරට අහස අළු වළාකුළු වලින් වැසී ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබුණා. එහිදී දහස් ගණනක් ප්‍රදේශය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222