- නිලන්ත වෙනුවෙන් ගම්මන්පිල හඬ අවදි කරයි ! – VEDIO –
- හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කපන්න කැබිනට් අනුමැතිය – VEDIO –
- හිටපු ලොක්කෝ හොරෙන්ම චෛත්‍යයක් විකුණලා මිහින්තලා නායක හිමිගෙන් අනාවරණයක් ! VEDIO
- ඇත්ත අන්තරේ විස්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත කියයි !
- නව අධ්‍යාපන ප්‍රතිස්කරණ ගැන විපක්ෂය කියන දේ .. – VEDIO
- හිටපු ඇමැති මනුෂගේ පෞද්ගලික ලේකම්ට ඇප
- සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් රක්ෂිතයකින් හමුවෙයි
- යතුරු පැදියෙන් වැටී ටිපර් රථයට යටවී අවසන් ගමන් යයි
Author: Suraj Alwis
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවද සඳහන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40ක පමණ තරමක තද සුළං ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික…
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති බව සඳහන්. අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බව ද පොලීසිය පවසනවා. කෙසේ වෙතත් එම පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පොලීසිය සැක…
සිරියාවේ, ඕතඩොක්ස් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් විස්සකට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය, හිටපු සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් දෙසැම්බර් මාසයේදී බලයෙන් පහකර ඉස්ලාමීය නායකත්වයෙන් යුතු රජයක් විසින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ. මෙම මාරාන්තික ප්‍රහාරයෙන් තවත් පුදගලයින් හැට තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. අයි.එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු යාඥා කරන අතරතුර ග්‍රීක ඕතඩොක්ස් ශාන්ත එලියාස් පල්ලියට ඇතුළු වී වෙඩි තබා පසුව පල්ලිය තුළ සිටියදී පුපුරණ ද්‍රව්‍ය කබායක් පුපුරුවා හැර ඇති බවයි සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය…
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය යන රටවල් විසින් මැද පෙරදිගට, වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ලබා දෙන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝණය කරන බවටයි චීනය අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් එක්සත්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මේ අනුව, ඔහු අද සිට ලබන 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මීටර් හයයි දශම තුනයි හතක පෞද්ගලික හොඳම දක්ෂතාවක් දක්වමින් එහිදී ඇය ජයග්‍රහණය හිමි කර ගත්තා. තායිලන්තයේ තමාසාට් හී දී ඊයේ දිනයෙන් ආරම්භ වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙනවා. මෙම තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී සිටිනවා.
ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් අවසාන තීරණය ගනු ලබන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට දකුණින් බවයි සඳහන් වන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළෙඳාමෙන් සියයට විස්සත් සියයට විසි පහත්, අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙනු ඇති. මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේටය, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අනුව ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට…
බංග්ලාදේශය තුළ ඇතැම් දේශපාලන පක්ෂ තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඔහු පවසන්නේ, බංග්ලාදේශයේ දේශපාලන පක්ෂ සහ ඒ ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීම පිළිබඳ කණස්සල්ල පළ කරන බවයි. කෙසේ වෙතත් එවැනි තීරණය මගින් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස අනිසි ලෙස සීමා කරන බව ඔහු අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවකට එක්වන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා බංග්ලාදේශයේ අන්තර්වාර රජයෙන් ඉල්ලා තිබෙනවා. රට තුළ නිදහස් සහ සියල්ලන් ඇතුළත් වන්නා වූ මැතිවරණ සඳහාද ඔහු ඉල්ලීම් කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත්…
වන සතුන්ගෙන් ආහාර නිෂ්පාදනයට සිදු වන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බව සඳහන්. වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර, කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සහිත ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ එය ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි. ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික සහ මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා. වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222