Author: Suraj Alwis

ඉන්දියාවේ, තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිස් හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව මළ සිරුරු තිස් එකක් පමණ සුන්බුන් අතර තිබී ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා. පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් හැට දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙම ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව් වැනි සමාලෝචනයට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

මෙරට දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට ජපාන රජයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේදී ජපාන තානාපති අකියෝ ඉසොමටා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසුසා කුබොටා සහ අධිකරණ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය සහ ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය, ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා ව්‍යාපාර භාවිතයන්හි පවතින විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, යන කරුණු මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයින්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමුව ඇති බව ඉන්දියානු ව්‍යවසායකයින් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටිනවා. එම කණ්ඩායම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළංද ඇති විය හැකි බවයි. මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 30 ක 40…

තව කියවන්​න

පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටළු පිළිබඳ අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්. මේ අනුව බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමි වන පරාටේ නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කෙරුණා. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස තුනකට අත්හිට වූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස හයක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණා. කෙසේ වෙතත් මෙම නීතිය බලාත්මක…

තව කියවන්​න

දකුණු කොරියාවේ සෘජු රැකියා සඳහා යොමු කරන ඊ එයිට් වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එම කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි. අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමු කරන බවත්, ඔහු සඳහන් කළා. එමෙන්ම මේ වන විට දකුණු කොරියාවේ ප්‍රාන්ත හතරක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද සඳහන්. මේ අතර ලබන දස වැනිදා වන විට ඒ සඳහා අත්සන් කිරීමට හැකිවනු ඇති බවයි…

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ ඊයේ දිනයේ විභාගයට ගත් අවස්ථාවේදී චූදිත විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කර තිබෙනවා. අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබා දීමට සාක්ෂිකරුවන් තිදෙනෙකු නම් කෙරුණු අතර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ලබන අගෝස්තු විසි හය වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි නියම කරනු ලැබුවා. 2007 සහ 2008 යන වසරවලදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සෙනරත් හෙට්ටිආරච්චි නමැත්තාගෙන් බදු පදනම යටතේ වාහනයක් ලබා ගෙන ආයතනයට රුපියල් නව ලක්ෂ හැට දහසක මුදලක් පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම අල්ලස් නඩුව…

තව කියවන්​න

තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය කරමින් එම වාර්තාවට සම හිමිකම් කී ඔහු, විශේෂයෙන්ම කඳු නැඟීමේ ශුරයා ලෙසින් මෙරට තුළ අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයෙකුද වනවා. මේ අනුව ඔහු ජීවත්ව සිටින තුරාම එම කීර්තිනාමය කිසිවෙකුට ඉක්මවා යාමට නොහැකි වීමද විශේෂත්වයක්. ඒ.එම්. සුමනවීර මහතාගේ ජීවිතය පා පැදිය සමඟ බැඳී පැවති අතර රත්නපුරය, නිවිතිගල මාර්ගයේ දෑල පිහිටි සිය නිවසේ සිට කොළඹ තෙල් සංස්ථාවේ සේවයටද ඔහු පැමිණ ඇත්තේ පා පැදියෙන් බවයි සඳහන් වන්නේ. ඒ.එම්. සුමනවීර මහතාගේ ආභාෂය ලබමින් ඔහුගේ දරුවන් ද පා පැදි තරග සඳහා…

තව කියවන්​න

බලය සහ ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩ නැඟිය යුතු බවත්, එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට ඊයේ පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මේ අතර ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩ නැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලුදෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය…

තව කියවන්​න