Author: Suraj Alwis

2025 වසරේ ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් එකොළොස් ලක්ෂ හැට අටදහස් හතලිස් හතර දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංචාරක මාසික වාර්තා සටහනේ මේ බව දක්වා තිබුණා. ජුනි මාසයේ දී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස් අටදහස් දෙසිය හතළිස් එකක්. එය 2024 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි එම සටහනේ දක්වා ඇත්තේ. ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්්‍රලියාව සහ පාකිස්තානය යන රටවලින් පසුගිය මාසයේ වැඩිම සංචාරක පැමිණීම සිදුව තිබෙනවා.

තව කියවන්​න

පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මිය යන විට පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා විසි අට වැනි වියෙහි පසු වුණා.

තව කියවන්​න

චීන සමූහාණ්ඩුව තායිවානයේ මව්බිම නොවන බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා. මේ අනුව තායිවානය කිසි විටෙකත් චීනයට අයත් නොවන බවයි ඔහු පවසා ඇත්තේ. චීනයෙන් එල්ල වන බාහිර තර්ජන පිළිබඳද අදහස් දක්වා ඇති තායිවාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තායිවානය යනු ස්වෛරී අනන්‍යතාවයක් සහිත රටක් බවයි. එමෙන්ම සිය රට ඉලක්ක කර චීනයෙන් එල්ල වන හමුදා බලපෑම් දැඩිව ඉහළ යමින් පවතින බවද තායිවාන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. තායිවාන ජනාධිපති විලියම් ලායි තවදුරටත් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ නෞකා සහ ගුවන් යානා නිරන්තරයෙන් සිය රටේ ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝණය කරන බවයි. සෘජු මිලිටරි බිය ගැන්වීමෙන් ඔබ්බට, තායිවානය තම භූමියේ කොටසක් යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන…

තව කියවන්​න

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම පිළිබඳ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ නුදුරු දිනකදී තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි. එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා තිබෙනවා අවස්ථා ගවේෂණය කිරීමට අපේක්ෂා කරන බවද හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයෙන් දක්වා තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති දස වැනි ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමු වුණා. එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය ලෙසයි දැක්වෙන්නේ.…

තව කියවන්​න

යුක්‍රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන යුද්ධයේදී රුසියානු හමුදාවන්ට සහාය ලබා දීම සඳහා යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කිරීමට උතුරු කොරියාව සූදානම් වන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අනුව උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක් රුසියානු හමුදාවේ සහායට යෙදවීමයි තීරණය වී ඇත්තේ. යුක්‍රේන යුද්ධයට සහාය දැක්වීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී උතුරු කොරියානු හමුදා භටයින් 11,000 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් අතුරින් හමුදා සෙබළුන් 4,000 ක් පමණ මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

තව කියවන්​න

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. කෙසේ වෙතත් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි. එලෙස තිබියදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පසුගිය ජුනි මස 17 වැනිදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා…

තව කියවන්​න

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් පෙරළි ගොස් තිබෙනවා. එම මගී නෞකාව ගිලී යාමෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර තවත් පුද්ගලයින් 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවද වාර්තා වනවා. නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ දිනයේදී බාලි දුපත බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් තිබෙනවා. මේ අනුව ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසුව මෙම නෞකාව පෙරළි ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

තව කියවන්​න

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා. 2024 – 2025 මාස් කන්නයේදී සිදු කළ මිල නියාමනයට අනුව මෙම මිළදී ගැනීම් සිදු වනු ඇති. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 ක මුදලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 ක මුදලකටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 ක මුදලකටත්, මිලදී ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ. එමෙන්ම මෙවර තෙත වී සඳහා ද අවම මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් එම ක්‍රියාවලිය දියත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව තෙත වී කිලෝවක් රුපියල්…

තව කියවන්​න

කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා. කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ඝාතන සිදුවීම පසුගිය ජූනි 30 වැනිදා සිදු ව තිබුණා. එම සිද්ධියෙන් විසි දෙහැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විසි හත් හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.

තව කියවන්​න

ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව නාධිපති කාර්යාලයේදී සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. නෙදර්ලන්තය සතුව මේ වන විට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්. මේ අනුව දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත් විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල්…

තව කියවන්​න