- හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 91 වන ස්ථානය ශ්‍රී ලංකාවට
- ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය
- ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි
- තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඉතිහාසයේ පළමු වරට පොලිස්පති වැරදිකරු වෙයි ! VEDIO –
- මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 458ක් අත්අඩංගුවට
- නව විපක්ෂ නායක කෙනෙක් නිසා මාධ්‍ය හමුව උණුසුම්… VEDIO –
- නීතිය තද වෙයි – අලි එලොව යවන මිනිස්සුන්ට ලොකුම දඬුවමක් ?
Author: Suraj Alwis
ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා තිබෙන මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන් ස්නානනය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම් පුද්ගලයෙකු විසින් පාර්සලක් විසි කර තිබෙනවා. එම පාර්සලය බන්ධනාගාර නිළධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර එහි තිබී මත්පැන් යැයි සැක කළ හැකි දියර සහිත බෝතල් 03 ක්, දුරකථන චාජරයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ විනාශ කිරීමටයි බන්ධනාගාර නිළධාරීන් කටයුතු කර ඇත්තේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අද පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පැය 12 ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදා හරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. මේ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇළ, කටුනායක, සීදුව යන නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටුනායක, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා…
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමු වරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. එරට පැවති විශේෂ ආගමික උත්සවයකට ඔහු මෙලෙස එක්ව ඇති බව සඳහන්. අයතුල්ලා අලි කමේනි මීට පෙර අවසන්වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් පවතින අවස්ථාවක, ඉරාන හමුදා නායකයින් සහ විද්‍යාඥයින් මිය ගිය අවස්ථාවේ ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව සිටින විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේදී ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩ කිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිරද්‍ය නොවන තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුව නොමැති බව පවසන මූල්‍ය අරමුදල, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ගයක් නොගැනීමට තීරණය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් අනතුරුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා විසින්න් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද නිකුත් කර ඇති බව සඳහන්.
මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනු කළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් ෆර්නැන්ඩස් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්. අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විසින් විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20 කට අධික මුදලක් විවිධ අයුරින් එලෙස වියදම් කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඒ අතුරින්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් කළා. මේ අනුව ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමිටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. ජුලි මස පළමු වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළද පසුගිය පළමු වැනිදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ ගියා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ නව ඉන්ධන මිල ගැලපුමට අනුව බස් ගාස්තු අඩු කළ හැක්කේ සියයට 0.55 ක ප්‍රතිශතයෙන් පමණක් බවයි. මේ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල්…
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්න ලෙස විවිධ ව්‍යාපාරවල නිරතවන ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රට තුළ ඇති වු ආර්ථික අර්බුදයත් සමඟ ව්‍යාපාර කඩා වැටීම හේතුවෙන් ණය ගෙවා ගැනීමට අසමත්වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපොළ බැංකු වෙත පවරා ගැනීමට හැකි පරාටේ නීතිය තාවකාලිකව බල රහිත කිරීමට පැවති රජය සහ වත්මන් රජයද අවස්ථා කිහිපයදී පියවර ගනු ලැබුවා. ඒ සඳහා ලබා දී තිබු සහන කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වූ අතර, ණය ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින්ගේ දේපොළ පවරා ගැනීමේ බලය මේ වන විට බැංකු වෙත හිමිව තිබෙනවා. කෙසේ වෙතත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පවසන්නේ එම කාලය තවදුරටත් දීර්ඝ…
රාගම,බටුවත්ත,මිහිඳු මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ආමි උපුල් නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ආමි උපුල් නැමැත්තා, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ල සංජීව ගේ සහචරයෙකු බවද පොලිසිය සිදු කළ මුලික විමර්ශනවලිදී අනාවරණ වී තිබෙනවා. මේ අතර ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තොරතුරු අනාවරණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222