Author: Suraj Alwis

රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ දිනයේදී රෝමන් ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා. ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි සැක පල කෙරෙන්නේ. 2023 වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු ගිනි අවියක් භාවිත කර හිටපු අමාත්‍යවරයා සිය දිවි නසාගෙන ඇති බවද මේ වන විට තහවුරු වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඔහු ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාවෙන්ද ? යන්න…

තව කියවන්​න

ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග පක්ෂයේ ලේකම්වරයා විසින් ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමටයි මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත්තේ. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස් වුණා.…

තව කියවන්​න

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිදු කළ පැමිණිල්ලකට අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. සැකකරු විසින් දෙමටගොඩ, කොලොන්නාව පාරේ පවත්වාගෙන යනු ලබන ආයතනයක මෙම වර්ෂයට අදාළ බදු නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස මෙලෙස ඉල්ලා ඇති බව සඳහන්. කෙසේ වෙතත් පසුව එම මුදල රුපියල් 50,000 ක් දක්වා අඩුකර ඇති අතර ඉන් රුපියල් 42,000 ක මුදලක් ඔහු විසින් පසුගිය තුන් වැනිදා ලබා ගෙන ඇති බවයි…

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තරුණයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයිද සඳහන්. මාසයක කාලයක් ඇතුළත අදාළ වාර්තාව ලබාදෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 30 වැනිදා නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුරය රෝහලට ඇතුළත් කෙරුණා. මෙම වෙඩි තැබීමේ…

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසු වුණා. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලබා පසු කාලීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා. වර්ෂ 1954 දී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුණු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර එවක් අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතාගේ ලේකම් වශයෙන් පත්ව 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන්ද අද්විතීය සේවයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔහු අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ…

තව කියවන්​න

අමෙරිකාවේ, ටෙක්සාස්හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ළමුන් 28 දෙනෙකු සිටින බවද සඳහන්. එමෙන්ම තවත් පුද්ගලයින් 41 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම පිරිස මිය ගොස් ඇත්තේ, ගං ඉවුරේ ක්‍රිස්තියානි ගැහැණු ළමයින්ගේ කඳවුරක් ජලයෙන් යට වූ කර් ප්‍රාන්තයේ වීමද විශේෂත්වයක්. තවත් ගැහැණු ළමයින් දස දෙනෙකු සහ උපදේශකවරයෙකු තවමත් අතුරුදහන් බවද සඳහන්. ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ කලාපයේ තවත් කුණාටු තත්වයක් අපේක්ෂා කරන අතර, මේ වන විටත් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ප්‍රදේශයේ පවතින මඩ සහ සර්පයන් හේතුවෙන් දැඩි බාධා එල්ල වී…

තව කියවන්​න

අද සිට ලබන 11 වැනිදා දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව මෙම සතිය තුළ අද මාර්ග අනතුරු වැළැක්වීම, හෙට සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීමේ දින ලෙසයි නම් කර ඇත්තේ. එමෙන්ම අනිද්දා නිවෙස් මෙන්ම වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ලබන 10 වැනිදා දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ 11 වැනිදා පාසල්, පෙර පාසල් මෙන්ම, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ජාතික අනතුරු පිළිබඳ උපදේශක කමිටුවේ මෙහෙයවීමෙන් සෑම වසරකම ජූලි මාසයේ පළමු වැනි සඳුදා සිට සිකුරාදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මකයි. මෙම…

තව කියවන්​න

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදු කර ඇති බව සඳහන්. පසුගිය පස් වැනිදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලැබී ඇතැයිද වාර්තා වනවා. එම අවස්ථාවේදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර තිබෙනවා. ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලා ගොස් සිටින පාතාල නායකයින් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග ලබා දීම පිළිබඳ ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බවයි වැඩිදුරටත්…

තව කියවන්​න

බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වැනි ජුබිලි මහොත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. මේ අනුව ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අද පස්වරු 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුළු වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න