Author: Aditha Nawod Akalanka

යාපනය අර්ධද්වීපයේ දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සමුද්‍ර ප්‍රවාහන සේවා සපයන බෝට්ටුවල ගුණාත්මකභාවය සහ ආරක්ෂක විධිවිධාන අඛණ්ඩව නිරීක්ෂණය කරන ලෙස පොලිසියට සහ නාවික හමුදාවට දැනුම් දී ඇති බවයි. ඩෙල්ෆ් සිට කූරිකට්ටුවාන් දක්වා දේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ගිය බෝට්ටුවක් පෙරලී එහි සිටි 14 දෙනෙකු අනතුරට පත්වීමේ සිද්ධියත් සමග මෙම වැඩපිළිවෙල ආරම්භ කල බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ.

තව කියවන්​න

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත මහත්මිය පවසනවා. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදී අසූසා කුබෝටා මහත්මිය මේ බව සදහන් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ . ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය තවදුරටත් ලබා ගැනීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. රාජ්‍ය නිලධාරින්ගේ සදාචාරාත්මක හැසිරිම් ප්‍රවර්ධනය කරමින් රාජ්‍ය ආයතන…

තව කියවන්​න

බටහිර පාසිෆික් සාගර කලාපයේ පිහිටි මරියානා ආගාධයේ ගැඹුරුම ස්ථානය ලෙස හදුන්වනු ලබන චැලෙන්ජර් ඩීප් කලාපය ගවේෂණය සදහා ජපානය සූදානම් වෙමින් සිටින බව ජපන් මාධ්‍ය වාර්තා කරනවා. එම චැලෙන්ජර් ඩීප් ආගාධ කලාපය තුල මීටර 11,000 ක් ගැමුර අධ්‍යනය කළ හැකි මිනිසුන් රහිත ගවේශණ යන්ත්‍රයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවයි එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ. මෙම ව්‍යාපෘතිය ජපානයේ සමුද්‍ර-පෘථිවි විද්‍යා හා තාක්ෂණ ඒජන්සිය විසින් මෙහෙයවනු ලබනවා. මෙම ගවේශණය තුලින් ජීවයේ මුල් සම්භවයන්ගේ ආරම්භය සාගර පතුලේ ජල තාප වාතාශ්‍ර තත්ත්වයන් අධ්‍යන කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම අනාගතයේ ඇති විය හැකි විනාශකාරී භූ කම්පන සහ සාගර අගල් නිරීක්ෂණය සදහා අවශ්‍ය වන සාම්පල…

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසනවා.

තව කියවන්​න

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළා. මෙම වැඩසටහන යටතේ පළාත්, කලාප හා කොට්ඨාස වල අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කරනු ලබනවා. අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ…

තව කියවන්​න

පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මේ වනවිට, මෙම අවශ්‍ය සහතිකය නොමැතිව මෙරටට ගෙන එන ලද වාහන 300කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර, ඒවා දේශීය වෙළඳපොළට මුදා හැරිය නොහැකි තත්ත්වයක පවතින බවයි. මෙම භාවිතා කළ වාහන ආනයනය කිරීමේදී අදාළ රටේ බැංකුවෙන් ලබාගත් ලියාපදිංචිය අවලංගු කිරීමේ මුද්දර සහිත සහතිකයක් අනිවාර්ය බවයි රේගුව සඳහන් කරන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සූදානම මැයෙන් සමුලුවක් අනිද්දා සිට 18 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබනවා. න්‍යෂ්ටික බලශක්තිය තම රටට හඳුන්වා දීමට නම් ඕනෑම රටක් අදියර 3කට අනුව ක්‍රියාත්මක විය යුතු බවයි සදහන් වන්නේ. එහි මූලික අදියර ලෙස හැඳින්විය හැකි ශක්‍යතා අධ්‍යයනයක් ද අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය හඳුන්වා දී ඇති නිර්දේශ සම්මත ක්‍රමවේදයට අනුව සිදුකළ යුතුයි. ඒ අනුව, බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව ඇතුලු රජයේ ආයතන රැසක් සහ රාජ්‍ය විශ්ව විද්‍යාලද සම්බන්ධ කර…

තව කියවන්​න

සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන…

තව කියවන්​න

ඇමරිකාව සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩුකරගැනීමට හැකිවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබාගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ. ඔහු මේ බව පැවසුවේ ඇමරිකානු තීරු බදු ක්‍රියාත්මක කිරීමේ දී මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳ අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදුකරගැනීමට රජය අපේක්ෂා කරන බවයි.

තව කියවන්​න

දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අර්බුදවලින් පීඩාවට පත්වු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීම ද අත්‍යවශ්‍ය බවයි ඒ මහතා පවසන්නේ. වරලත් මිනින්දෝරුවරුන්ගේ රාජකීය ආයතනයේ දැක්ම හා ඉදිරි වැඩපිළිවෙල පිළිබද වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු දේශපාලනඥයන්, විද්වතුන්, ක්ෂේත්‍රයේ පිරිස්වල සහභාගීවයෙන් පැවැත්වුණා. ස්මාර්ට් නාගරික සැලසුම්කරණය, ඉදිකිරීම් අංශය පුනර්ජීවනය, හරිත රාජ්‍ය ප්‍රසම්පාදනය ආදිය පිළිබදව ද විපක්ෂ නායකවරයා මෙහිදි අදහස් දැක්වුවා. ප්‍රතිපත්ති හා වචන වලට වඩා වැදගත්වන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය බවයි ඒ මහතා පැවසුවේ. සිමිත රාජ්‍යයේ මූලික අවකාශය පිළිගනිමින් නාගරික ඉඩම් ප්‍රතිසංස්කරණ සහ ආයෝජන පහසුකම් සැපයීම වැනි සැපයුම් පාර්ශවික විසදුම්…

තව කියවන්​න