Author: Aditha Nawod Akalanka

කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ පිරිමි පුද්ගලයින්ට සාපේක්ශව කාන්තාවන් දුම් පානය කිරීම ඉහළ ගොස් ඇති බවයි. මෙම නිසා ශ්වසන පද්දතිය ආශිත පිළිකා රෝග කාන්තාවන් අතර බහුල වන බවයි වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ පැවසුවේ.

තව කියවන්​න

අද රාත්‍රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්‍රී විජේරාමය විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහ පෙරහර මංග්‍ය හේතුවෙන්. පෙරහැර නිසා මාර්ගයේ ඇති වන රථ වාහන අවහිරය මගහැරවීම සදහා නිට්ටඹුව නගරයේ සිට කොළඹ මාර්ගයේ මල්වත්ත හංදිය දක්වා වූ කොටසේත් මල්වත්ත හංදියේ සිට නුවර මාර්ගයේත් තනි මංතීරුවක් දෙකට බෙදා රථ වාහන ධාවනය සිදු කරන බවයි පොලීසිය පැවසුවේ මෙම මාර්ග භාවිතා කරන රියදුරන් සදහා විකල්ප මාර්ග කිහිපයක්ද හදුන්වා දී තිබෙනවා. පොලීස් රථවාහන ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ නිට්ටඹුව නගරය හරහා ගමන් කිරීමේදී පෙරහැර අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

තව කියවන්​න

සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශනමක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ට පොලිසි අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය පළ කර ඇති බවයි. විමර්ශනය අවසානයේ සිදුවීම සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් සදහා නීතිමය පියවර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

තව කියවන්​න

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් ,හෙරෝයින් ග්‍රෑම් 180 ක් පොලීසිය සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු මාලඹේ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

තව කියවන්​න

ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු   අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කරන තාක්ශණික නිලධාරියෙකු ඊ ටිකටි 92 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී මෙම සිදුවීම සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මාතලේ සහ මහනුවර ප්‍රදේශ වලදී අත්ැඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. පොලීසිය පැවසුවේ මහනුවරදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඊ ටිකටි පත් 29 ක් සහ රුපියල් එක් ලක්ශ 31,000 ක් අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගත් බවයි. මෙම ඊ ටිකටි ජාවාරම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන අඛණ්ඩව…

තව කියවන්​න

වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය සදහන් කළේ මෙම වසරේ මුල් සති තුන තුල ඩෙංගු ආසාදිත මරණ 2ක් වාර්තා වී ඇති බවයි. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇතිතේ බස්නාහිර පළාතෙන්.එම සංඛ්‍යාව 1,576 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 491 ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 558 ක් වමාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 95 ක්. ඩෙංගු අධි අවධානම් කළාප ලෙස මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් හදුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ.

තව කියවන්​න

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියා. තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළකර තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ නව ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කළේ. ලෝක බැංකුව…

තව කියවන්​න

19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81 ක ජයක් වාර්තා කළා. මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 166 ක් රැස්කර ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් තුළදී සියල්ලන්ම දැවී ලකුණු 85 ක් රැස්කර ගත්තා. මීට පෙර සත්කාරක මැලේසියානු කණ්ඩයාමට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගනු ලැබුවා.

තව කියවන්​න

මන්ත්‍රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර ඇත්තේ පෙබරවාරි 03 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසයි. අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පරීක්ශා කළ නිලධාරීන්ගේ සේවයටබාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුනා. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරැනු වාර්තා කළ අවස්ථාවේ අධිකරණය විසින්මෙම නියෝගය නිකුත් කර තිබුනා.

තව කියවන්​න

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගයේ 18 වංගුව මාර්ගය වසා දැමීම සදහා තීරණය කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අද පස්වරැ 6.00 සිට හෙට පෙරවරැ 6.00 දක්වා 18 වංගුව මාර්ගය වසා දැමෙන බවයි. මහනුවර මහියංගනය මාර්ගයේ කහටගෙලේල ප්‍රදේශයේ පස් සහ ගල් වැටීම් පිළිබදව නිකුත් කර ඇති අවධානාත්මක නිවේදනය නිසා මෙම පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න