Author: Aditha Nawod Akalanka

එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මඩකලපුව , අම්පාර,මුලතිව් දිසුත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබුණේ දිවයිනේ සෙසු ප්‍රදේශ වල අද සිට වැසි රහිත කාළගුණයක් පවතින බවයි.

තව කියවන්​න

ඇමෙරිකානු ඒ අයි වෙළදපොළේ නව රැල්ලක් ඇති කර තිබෙන චැටි බෝඩ් යෙදවුමක් වන ඩීප් සීක් මෘදුකාංගය ඇමෙරිකාව විසින් තහනම් කිරීමට යෝජනා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාවේ ක්‍රොන්ගස් කාර්යාලයට මේ වන විටත් මේ සම්බන්ධයෙන් වන පැමිණිලි යොමු කර ඇති බවයි. මෙයට ප්‍රධානතම හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ මේ හරහා ඇමෙරිකාවේ ජාතික ආරක්ශාවට ඇති වෙන බලපෑම බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මේ අතර තායිවාන ඩිජිටල් අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඩීප් සීක් තායිවානය තුලද ආරක්ශක හේතූන් මත තහනම් කරන බවයි.

තව කියවන්​න

මැදගම මෑගල්ලගම ප්‍රදේශයේදී හදිසි අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2 ක් වයැසි මල්ගස්තලාව ප්‍රදේශයේ පිරිමි දරුවෙක්. සිදු කළ මූලික විමර්ශන වලදී අණාවරණය වී ඇතිතේ මෙම දරුවා නිවසේ ඇති අනාරක්ශිත ළිදකට වැටී ඇති බවයි. දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකබවයි පොලීසිය පැවසුවේ.

තව කියවන්​න

2023 වසරට සාපේක්ශව 2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනය වී තිබෙනවා. 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1042.5 ක් මේ සදහා ප්‍රධාන දායකත්වය ලබා දී ඇත්තේ ඇ3ගලුම් සහ රෙදිපිළි , තේ,රබර්,පොල් , කුළුබඩු සහ ආහාර අපනයනය බවයි ශ්‍රි ලංකා රේගුව පෙනිවා දෙන්නේ. 2024 වසරේ සේවා අපනයන දාදයෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 322.92 ක්. එය 2023 ට සාපේක්ශව 29.96% ක වර්ධනයක්.

තව කියවන්​න

මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතය වරිතමානයේ පවතින මටිටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. වර්තමානයේ ප්‍රතිපත්තිමය පොලී අනු පාතිකය පවතිනුයේ 8% ක මට්ටමේයි. වත්මන් ගෝලීය සහ දේශීය සාර්ව ආර්ථික ප්‍රවණා පිළිබදව සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ.

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ආයතනය සහ ලාෆ්ස් ගෑස් ආයතනය අතර ගිවිසුමක් සදහා අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින්. හම්බන්තොට පර්යන්තයේ මේ වන විට ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් විසිදහසක් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.

තව කියවන්​න

පුද්ගලයන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී එම අනතුරින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තිදෙනෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මියගිය අය අතර නියමුවා සහ සහය නියමුවා ද සිටින බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

මහජන පැමිණිලි සදහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් WHATS APP අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ මෝටර් රථ  විසින් මහජනතාව වෙත සපයන සේවා කාර්යක්ශම කිරීම සදහායි. ඒ අනුව 071 403 3300 යන දුරකථන අංකය හරහා ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

තව කියවන්​න

ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා. ඒ අනුව උතුරු,උතුරු මැද,නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර 50 ට වැඩි වැසි ඇති වන බවයි එම දෙපාර්තුමේන්තුව පැවසුවේ. වැසි සමග ඇති වන තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු වන අනතුරු වලක්වා ගැනීම සදහා පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

තව කියවන්​න

ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින්. මෙම මණ්ඩලය මගින් මූල්‍ය ආරව්ල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සමතයකට පත් කරන බවයි විෂය භාර අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ. පළමු අදියර යටතේ කොළඹ,ගම්පහ,මහනුවර,අනුරාධපුර,පොළොන්නරුව සහ මොනරාගල දිසුත්‍රික්ක වල මෙම මූල්‍ය සමත මණ්ඩලය පිහිටුවීමට නියමිතයි.

තව කියවන්​න