Author: Aditha Nawod Akalanka

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවාි.

තව කියවන්​න

පාකිස්ථානයේ රික්ට මාපකයේ ඒකක 4.0 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. අද අලුයම 1.44 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එරට ජාතික භූ කම්පන පරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹිරින් පවතින බවද එම නිවේදනයේ සදහන්. මෙහි කේන්ද්‍රය පොළෝ මට්ටමට ආසන්න වීම හේතුවෙන් ඒකක ප්‍රමාණය අඩු වුවද ඉතා දරුණු බලපෑමේ අවධානමක් සහ ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් තවමත් කිසිදු හානියක් වාර්තා වී නැහැ.

තව කියවන්​න

පස්සර උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.. අදාළ දැරියය ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයකවන බවයි. ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය සදහන් කළේ.. මෙලෙස මියගොස් ඇත්තේ 07හැවිරිදි උඩගම, පස්සර ප්‍රදේශයේ පදිංචි දැරියක්. අදාළ දැරිය මියයෑමට පෙර සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි මූලික විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ. කෙසේවෙතත් දැරියගේ ශරීරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා…

තව කියවන්​න

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති. එමෙන්ම මෙයට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භවීමට නියමිතයි. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබනවා. ”කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.. මීට සමගාමීව නුවරඑළිය, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය ඒකාබද්ධව ආරම්භ කළ තායිලන්තයේ…

තව කියවන්​න

2025 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ ඒ රොෂාන් මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මේ බව දැනුම් දී තිබෙනවා. නව ආරක්ෂිත සලකුණු සිටිකරය හදුන්වාදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් සම්බන්ධවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු කර තිබෙනවා . ශ්‍රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා පුර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා වන මෙම ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව උසස් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් වූ මෙම ගිවිසුමට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ඇරොන් තියැන් මහතා අත්සන් තිබෙනවා. අනතුරුව එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සඳහා සිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා වෙත භාරදෙනු ලැබුවා. ගෝලීය විශ්වවිද්‍යාල ශේණිගත කිරීම් අනුව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය ලොව ප්‍රමුඛ ස්ථානයක…

තව කියවන්​න

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි. එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා. තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක්…

තව කියවන්​න

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙක්. වැලිසර ළය රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද උදෑසන මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.. වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර තිබුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

තව කියවන්​න

දස වසරක ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා වු පළමු වැඩමුළුව අද පආරම්භ වුනා. අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.. ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ඇතුලු සංවිධානවල නිර්දේශයන් මෙම ජාතික ප්‍රතිපත්තිය සදහා භාවිතා කිරීමට නියමිතයි. 2026 වසරේ සිට 2035 වසර දක්වා ක්‍රියාත්මක කිරීම සදහා මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සිදු වනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

තව කියවන්​න