- ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ
- උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා
- මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයට නව සභාපතිවරයෙක්
- පැය 24ක් තුළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 485 ක් අත්අඩංගුවට
- දහම් පාසල් අධ්‍යාපනය ගොඩගන්න කටයුතු – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක
- බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාව බව ජනපති කියයි.
- කොළඹ මහ නගර සභාවේ මුල් පුටුව ව්‍රායි ට
Author: Aditha Nawod Akalanka
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සෑම වසරකම අද දිනයේදී ලොව පුරා සමරනු ලබනවා. මෙවර ළමා පිළිකා දිනයේ තේමාව වන්නේ “උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු ” යන්නයි. ළමා පිළිකා සත්කාර සඳහා වන අභියෝග ජය ගැනීම සඳහා සහයෝගී උත්සාහයන් සහ මුලපිරිම් දිරිමත් කිරීම මේ තුළින් අදහස් වනවා. මෙම දිනය සැමරීමේ පරමාර්ථය වන්නේ ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමයි. ලොවපුරා වාර්ෂිකව ළමා පිළිකා ලක්ෂ 4ක් පමණ හඳුනාගනු ලබනවා. ජාතික පිළිකා ලේඛනයට අනුව 2021 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ ළමා…
ඖෂධ නිශ්පාදන කර්මාන්ත සදහා රජය විසින් ප්‍රමාණවත් සහයෝගයක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ඖෂධ නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති නලින් කන්නන්ගර මහතා පැවසුවේ රට තුල දේශීය ඖෂධ කර්මාන්තය ආක්ෂා කර ගැනීම සදහා රජය විසින් කටයුතු කළ යුතු බවයි. විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා වැඩි දුුරටත් සදහන් කළේ දේශීය ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීම තුලින් විදෙස් රට වලින් ඖෂධ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සමග පක්ෂයේ කිසිදු අභ්‍යන්තර ගැටළුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය හර්ෂද සිල්වා මහතාට ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේ ප්‍රගතිශීලී විපක්ෂයක් ගොඩ නැගීම සදහා සාකච්ඡා අඛණ්ඩව සිදු වන බවයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාල විශේෂ පනත් කෙටුම්පත පිලිබදව එළඹෙන සදුදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒග එච්ග එම්ග එච්ග අබයරත්න මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ ලබන සදුදා විවාදයෙන් අනතුරුව මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කළ හැකි වන බවයි.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ ඒ අනුව, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු මාස 8කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ සමාගම් සමග ගිවිසුම් ගතවීමද මේ වනවිට සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා
පොලිස් කොමිසමේ ස්වාධීනත්වය පිළිබද මේ වන විට බරපතල ගැටළුවක් මතු වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පි පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ ස්වාධින පොලිස් කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ පොලිස් නිලධාරින් සම්බන්ධ කටයුතු දේශපාලනික මැදිහත්වීමකින් තොරව සිදු කිරීමට බවයි.
පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් ක්‍ළේ, බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත හා සියළු සුදුසුකම් සහිත පුද්ගලයින්ට ඒ සදහා අයදුම් කළ හැකියි. ලබන මස 3 වැනිදාට එම තනතුරු සඳහා අයදුම් කළ හැකි බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ
පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් තිබෙනවා. ඇඹිලිපිටිය සිට චාරිකාවක් සදහා පැමිණි තරුණයින් පිරිසක් මෙම අනතුර සදහා මුහුණ දී ඇති බවයි පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පැවසුවේ. ඉනි තරුණයින් 12 දෙනෙකු මුදවා ගෙන ඇති අතර එක් තරුණයෙක් අතුරුදන් වී තිබෙනවා. පානදුර මුහුදේ සැඩ රාළ පහරවල් පැවතීම හේතුවෙන් රතු ධජ ලෙලදවා තිබුනු අවස්ථාවක මෙම තරුණයින් මුහුදේ දිය නෑමට ගොස් ඇති බවයි මූලික විමර්ෂණ වලදී අණාවරණය වී ඇත්තේ. අතුරුදන් වූ තරුණයා සොයා පානදුර පොලිස් ජීවිතාරක්ශන ඒකකයේ නිලධාරීන් සහ නාවික හමුදාව විසින් වැඩි දුර විමර්ෂණ ක්‍රියාත්මකයි.
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනාවක් මතයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මහතාගේ සහ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා අතර හමුවක් අද වොශින්ටන් නුවරදී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දීය අගමැතිගේ මෙම සංචාරය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පත් වීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජන පදයට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයද වනවා. මෙහිදී දෙරටේ වැදගත් කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතයි.
පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට දිනයේදී ගිණුම් වලට බැර කිරීමට නියමිත බව සුභසාධක ප්‍රථි්ලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව පවුල් දාහත් ලක්ෂ 25,795 ක් සදහා හෙට අස් වැසුම දීමනාව ලබා දීමට නියමිතයි. ඒ අනුව අදාළ අස් වැසුම ප්‍රථීලාභීන් සදහා හෙට සිය බැංකු ගිණුම් වලින් එම මුදල් ලබා ගත හැකියි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222