- මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්
- ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට
- ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- ඉෂාරාට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්
- මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්
- දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි
- රත්නපුර ප්‍රාදේශීය සභාව සජබෙට
- ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ
Author: Aditha Nawod Akalanka
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඊයේ ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 51.80කින් ඉහළ ගොස් 15,851.74 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.33%ක ඉහළ යාමක්. ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.9 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
අද පස්වරුවේ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන අවුරුදු 20 හා 22 වයස්වල පසු වූ තරුණයන් දෙදෙනෙකි. බේරාගෙන ඇත්තේ තරුණියන් තිදෙනෙකු වන අතර, එම තිදෙනා ද මෙම ආයතනයේ සේවය කරන අය බව පැවසේ. ප්‍රදේශවාසීන් විසින් ඔරු යොදාගනිමින් අතුරුදන්වූවන් සොයා මෙහෙයුමත් දියත්කළත් පස්වරුව වනතෙක් ඔවුන් සොයාගැනීමට හැකි වී නොමැත.
පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය ඊයේ දිනය බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ. කෙසේවෙතතත් ස්වයං ප්‍රකාශන භාරදීමේ එවැනි අවසාන දිනයක් තවමත් නියම කර නොමැති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් හෙවත් ටින් අංකයක් අවශ්‍ය නොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් වැඩි…
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මේ බව පවසා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි. ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම ද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා කටයුතු සිදු කෙරෙනු ඇති. නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව…
හඹරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට කඳුරුවෙල අතර ගමන්ගන්නා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාද්‍ය කොට්ඨාසය සදහන් කළේ. අනතුරෙන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් පොළොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල්වෙත ඇතුළත් කර තිබෙනවා.
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති ශ්‍රමිකයින් සංඛ්‍යාව 78,153 ක්. විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල රැකියා සදහා කොරියාවට පිටත් වී ඇති ශ්‍රමිකයින් සංඛ්‍යාව 710 ක් බවයි.
2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වෙයි. ඒ අනුව හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. අනතුරුව පෙබරවාරි 25 ප.ව 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ . ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ…
අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබා ගත් ගලේවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූසණ මර්ධන කාර්යංශයේ නිලධාරීන් විසින්. අදාළ සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ශකවරයා විසින් ඉබ්බාගම්ව ප්‍රදේශයේ අවන්හලක බලපත්‍රයක් අලුත් කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය සැිත ලිපිය ප්‍රාදේශීය සභාව වෙත භාර දීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි සිදු කළ විමර්ෂන වලදී අණාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්‘ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම , ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් මෙහිදී ක්‍රීඩා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. මාර්තු 16වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර පෙබරවාරි 22 වැනිදා පැවැත්වෙනවා මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය ඊයේ නිවේදනය කළා. මේ අතර නායක කුමාර් සංගක්කාර, රොමේෂ් කළුවිතාරණ, අෂාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහද වන බව සදහන් මිට අමතරව සීක්කුගේ…
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා ”අලියා” ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. මෙහිදී නව පත්වීම් කිහිපයක් සිදුකර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහනගර සභා 04ක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ ”අලියා” ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී තිබෙනවා. එම යෝජනාවට බහුතරයකගේ එකඟතාව හිමිව ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222