- මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්
- ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට
- ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- ඉෂාරාට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්
- මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්
- දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි
- රත්නපුර ප්‍රාදේශීය සභාව සජබෙට
- ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ
Author: Aditha Nawod Akalanka
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ”ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බවයි වාර්තා වුනේ. ”ලොකු පැටී” නැමැති සැකකරු පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. ඊයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ තංගල්ල පොළොන්මාරුව උතුර ප්‍රදේශයෙන් එලෙස මියගොස් ඇත්තේ, පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුවයි. නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුවා. වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ 1970 වසරේ දී ආරම්භ වූ වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි. වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වනදා සිට 06 වනදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇති. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදුකෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතව තිබෙනවා. තවද හෝ චි මිං නගරයේදී මැයි 06 වැනි…
ඔස්ටේ්‍රලියානු මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 18ක්. කම්කරු පක්ෂ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බර්නීස් මහ මැතිවරණයෙන් නැවත තේරී පත් වීමට අපේක්ෂා කරන අතර ඔහුගේ ප්‍රතිවදියා වන්නේ කන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩට්න්. නිල ප්‍රතිඵල නිකුත් වීමට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගත විය හැකි නමුත් ඡන්දය අවසන් වූ වහාම ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම නිල නොවන මූලික ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කරනු ඇති.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක්වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. සිදු කළ වැඩි දුර විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ මෙම සැකකරු ඩෑන් ප්‍රියසාදුගේ සහෝදරයාගේ ඝාතනයටත් සම්බන්ධ අයෙක් බවයි. සමාජ ක්‍රියාකාරියෙකු සහ පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 22වනදා රාත්‍රියේ මියගියා. වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
අවමංගල්‍ය උත්සවයකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේදී සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට පැමිණ සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 7.5ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර අවදානම් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබුණා. චිලී සහ ආර්ජන්ටිනා වෙරළට ඔබ්බෙන් වූ ඩ්‍රකේ පැසේජ් හී පුවර්ටෝ විලියම්ස් හී මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුනේ.. සුනාමි අවදානම හේතුවෙන් දකුණු චිලියේ මැගලීන්ස් කලාපයේ වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව ඉන් මේ වන විට ඉවත් කිරීමට චිලී ජාතික ආපදා වැළැක්වීමේ සහ ප්‍රතිචාර සේවාව පියවර ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222