- මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්
- ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට
- ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- ඉෂාරාට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්
- මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්
- දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි
- රත්නපුර ප්‍රාදේශීය සභාව සජබෙට
- ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ
Author: Aditha Nawod Akalanka
ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ ආගමික නායකයා සහ ලොව කුඩාම රාජ්‍ය වන වතිකානයේ ආගමික නායකයා වන නව පාප් වරයෙක් තෝරා ගැනීම සදහා වන ඡන්ද විමසීම සදහා කාදිනල් වරුන් යළි රැස් වී තිබෙනවා. ඊයේ වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ විශේෂ රහස් කුටියක පැවති ඡන්ද විමසීමෙන් පාප් වරයෙකු තෝරා පත් නොවූ බව දුම් කවුලුවෙන් කළු දුමාරයක් පිට කරමින් දැනුම් දී තිබුණා. ඒ අනුව අද දෙවන ඡන්ද විමසීමේ වටය පැවැත්වීමට නියමිතයි. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාල් වහන්සේගේ ස්වර්ගස්ථයෙන් හිස් වූ පාප් දූරය සදහා මෙලෙස නව පාප් වරයෙකු පත් කර ගැනීම සිදු වනු ලබනවා.
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බස්නා කෙසෙල් ගමු ඔය ජල පෝෂක ප්‍රදේශවලට පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. නගරයට ආසන්නයේ පිහිටි පහත් බිම් හරහා වතු ගණනාවකට පිවිසීම සඳහා ඇති ප්‍රධාන මාර්ග කිහිපයක්ද යටවී ඇති බවයි වාර්තා වුනේ. මේ හේතුවෙන් තේ දළු නෙලීමට යන වතු කම්කරුවන් අපහසුතාවට පත්වී ඇති අතර, තේ දළු ප්‍රවාහනයත් ඇණ හිට තිබෙනවා.
පාකිස්ථානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ ඇති කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර සිදු කළ බව ඉන්දීය ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කරනවා. පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට පත් වී ඇති බවයි. ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති පාකෙිස්ථාන සිවිල් වැසියන් ගණන 46 ක්.
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වුනේ. කෙසේ නමුත් රෝහිත් තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග සඳහා දිගටම ක්‍රීඩා කරනු ඇති බවද සඳහන්. රෝහිත් සිය ටෙස්ට් හිස්වැස්ම සහිත ඡායාරූපයක් ඔහුගේසමාජ මාධ්‍ය ගිණුමේ පලකරමින් ”සුදු ඇඳුමින් සැරසී මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්” ලෙස දක්වමින් සිය සමුගැන්ම තහවුරු කර තිබුණා..
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටිය දී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා, මියන්මාර සහ තායිලන්ත රජයයන්හි සහයෝගයෙන් මෙම පිරිස බේරා ගැනීමට හැකිව තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සිදු කළ අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්විමකින් අනතුරුවයි ඔවුන් මුදා ගැනීමට සමත්ව ඇත්තේ.. මේ සඳහා සහාය දැක්වු සියලු අංශ වෙත විදේශ අමාත්‍යාංශය සිය කෘතඥතාව පළ කර තිබෙනවා..
වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව 12 සහ 14 දින දක්වා දින 3ක් මත්පැන් අලෙවි සැල් වසා තබන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ. එනෙන්ම 11 දින රාත්‍රීයේ සිට 15 දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා එම නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව දැනුම් දී තිබුණා. එහිදී ජනාධිපතිවරයා වැඩදුරටත් පවසා ඇත්තේ ආයෝජන, ඩිජිටල්කරණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ කලාපීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන වසර තුනක හවුල්කාරිත්වයක් පිළිබඳව එහිදී ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා සමඟ සාකච්ඡා කළ බවයි.
ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ එරට උතුරුදිග උත්තර් ප්‍රාන්තයේදීයි. මෙම යුද අභ්‍යාසය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණ පසුබිමක පැවැත්වීම වීම විශේෂත්වයක් යුද අභ්‍යාස ගුවන් පුහුණුව සිදුව ඇත්තේ උත්තර් ප්‍රදේශයේ ගංගා අධිවේගී පථයේ වන අතර එහි දිග කිලෝමීටර 3.5ක් වනවා. එය රාත්‍රියේ ගුවන් ගොඩ බැස්වීම සඳහා ඉන්දියාවේ ඇති එකම අධිවේගී පථය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමග දිනෙන් දින වර්ධනය වන මත ගැටුම් හමුවේ මෙම මිසයිලය පාකිස්ථානය විසින් අත්හදා බැලීම විශේෂත්වයකි.
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුනේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත බවයි මීටියාගොඩ පොලීසිය පැවසුවේ.. සිද්ධිය සම්බන්ධව මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සක්‍රියාත්මකයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.. මේ සම්බන්ධව පසුගිය 29 වැනි දින සමනලවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව පසු ගියදා සමනලවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණා. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222