Author: Aditha Nawod Akalanka

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පොලීසිය නිවේදනය කළේ මේ වන විට අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි. අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොත්මලේ පොලීසිය සදහන් කළේ. බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.. අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය…

තව කියවන්​න

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වුනේ . තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් .

තව කියවන්​න

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබනවා. මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවක්. ඇයගේ මව ඈන් රීවිස් ජාවිස්ගේ නම් කාන්තාවක් වූ අතර ඇය අමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර මව්වරුන් සහ සොල්දාදුවන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායකවරියක්ද වූවා. 1905 වසරේදී ඈන් රිවිස් ජාවිස්ගේ අභාවයෙන් පසු ඇනා ජාවිස්ට ඇගේ මව වෙනුවෙන් ගෞරව කිරීම සහ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට හැකි දිනයක් නිර්මාණය කිරීමට අවශ්‍යව තිබුණේ.. ඒ අනුවය…

තව කියවන්​න

ඉන්දුනිසියාවේ මලුකු දූපත ආසන්න බණ්ඩා මුහුදේ රික්ටර්මාපකයේ ඒකක 5.8 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ එරට වේලාවෙන් අද පෙරවරු 7.45 ට මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන්ප සුනාමි අවධානමක් තවමත් ඇති වී නැහැ. එම සමීක්ෂණ ආයතනය සදහන් කළේ ප්‍රබළ පසු කම්පන ඇති වුවහොත් සුනාමි අවධානමක් ඇති වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

තව කියවන්​න

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවාි.

තව කියවන්​න

පාකිස්ථානයේ රික්ට මාපකයේ ඒකක 4.0 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. අද අලුයම 1.44 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එරට ජාතික භූ කම්පන පරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹිරින් පවතින බවද එම නිවේදනයේ සදහන්. මෙහි කේන්ද්‍රය පොළෝ මට්ටමට ආසන්න වීම හේතුවෙන් ඒකක ප්‍රමාණය අඩු වුවද ඉතා දරුණු බලපෑමේ අවධානමක් සහ ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් තවමත් කිසිදු හානියක් වාර්තා වී නැහැ.

තව කියවන්​න

පස්සර උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.. අදාළ දැරියය ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයකවන බවයි. ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය සදහන් කළේ.. මෙලෙස මියගොස් ඇත්තේ 07හැවිරිදි උඩගම, පස්සර ප්‍රදේශයේ පදිංචි දැරියක්. අදාළ දැරිය මියයෑමට පෙර සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි මූලික විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ. කෙසේවෙතත් දැරියගේ ශරීරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා…

තව කියවන්​න

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති. එමෙන්ම මෙයට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භවීමට නියමිතයි. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබනවා. ”කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.. මීට සමගාමීව නුවරඑළිය, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය ඒකාබද්ධව ආරම්භ කළ තායිලන්තයේ…

තව කියවන්​න

2025 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ ඒ රොෂාන් මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මේ බව දැනුම් දී තිබෙනවා. නව ආරක්ෂිත සලකුණු සිටිකරය හදුන්වාදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් සම්බන්ධවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න