Author: Aditha Nawod Akalanka

ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 වන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ වසපේලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිමට නියමිතයි. ඊට සමගාමීව මැයි 30 වන දින සිට ජූනි 05 වන දින දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත්කර කර මෙම සතිය තුළින් පරිසර සංරක්ෂණය සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් මේ වන විට අදාළ අංශ දැනුවත් කර තිබෙනවා. ඒ අනුව මැයි මස 30 වන දින…

තව කියවන්​න

පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ යාමත් සමග 2025 පළම් කාර්තුවේ චීනයේ කාබන් වමෝචනය පහත වැටී ඇති බවට අණාවරණය වී තිබෙනවා. එය වීන බලශක්ති සංක්‍රාන්තියේ සංදිස්ථානයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නවතම පරීක්ශන වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ සූර්ය ශක්තිය සහ සුළං ප්‍රවාහ මත චීනය පුනර්ජනනීය බලශක්තිය නිපදවීම මත මේ වන විට 1.6% කින් එරට කාබන් විමෝජනය පහත වැටී ඇති බවයි. ලොව කාබන් විමෝචනය සිදු කරන විශාලතම රට චීනය වන අතර 2030 වන විට කාබන් විමෝචනයේ උපරිමය දක්වාත් 20260 වන විට උදාසීන කාබන් විමෝචනය දක්වාත් ගමන් කිරීම චීනයේ සැලස්ම වී තිබෙනවා.

තව කියවන්​න

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීම ප්‍රතික්ශේප කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින්. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය එහිදී සදහන් කළේ.

තව කියවන්​න

සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ හේතුවෙන් ළමුන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවයි වාර්තා වුනේ. ගාසා තීරයේ වැසියන්ට දිනකට ආහාර ලබාගැනීමට හැකියාව පවතින්නේ එක් අවස්ථාවකදී පමණක් බව මේ පිළිබදව අදහස් දක්වමින් එම ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම ගාසා තීරයට ඉන්ධන සහ ඖෂධ සැපයුමද, ඊශ්‍රාලය අත්හිටුවීමත් සමග එහි ජනතාවගේ පැවැත්ම දැඩි අභියෝගාත්මක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඊශ්‍රායලය ගාසා තීරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා. ආජන්ටිනා ජනරජය , සිම්බාබ්වේ ජනරජය , ඊශ්‍රායලය , පිලිපීන ජනරජය ,ටජිකිස්තාන ජනරජය , කාම්බෝජ රාජධානිය සහ ඩෙන්මාර්ක් රාජධානිය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිනවා. නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා , නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති ස්ටෙලා න්කොමෝ මහත්මිය , නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති රූවෙන් හවීයර් අසාර් මහතා නව තානාපති වරුන් ලෙස සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා. මීට අමතරව ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති නිනා පී. කයින්ග්ලට් මහත්මිය , නවදිල්ලියේ වාසික ටජිකිස්තාන…

තව කියවන්​න

චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මෙම සංචාරය සඳහා ඔහු සමඟ චීනයේ සුප්‍රසිද්ධ සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙකුද පැමිණීමට නියමිතයි. ලංකා වාණිජ මණ්ඩලය, මැයි 30වනදා කොළඹ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන ව්‍යාපාරික සමුළුවකටද මෙම පිරිස සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර ව්‍යාපාරික සබදතා ශක්තිමත් කර ගැනීම සහ නව ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම පිළිබඳව මෙම සංචාරයේ දී චීන නියෝජිතයන් අවධානය යොමු කරනු ලබනවා.

තව කියවන්​න

හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් . එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

තව කියවන්​න

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම අවසරය ලබා දී ඇත්තේ ජූනි 10 වනදා දක්වායි. එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්තාව ලබා දෙනු ඇති.

තව කියවන්​න

උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත් සභාවේ සහයෝගය ද සහිතව සංවර්ධනය කිරීම සැලසුමයිග මන්නාරම රෝහල් කිහිපයක් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමග පවතින ගැටලු පිළිබදව ද සාකච්ඡා කළාග රෝහල්වල ඇති භෞතික මෙන්ම මානව සම්පත් හිඟය පිළිබඳව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයා දැනුවත් කළාග ඊට කඩිනම් විසඳුම් ලබාදෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේග උතුරු පළාතේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ක්‍රියාත්මක…

තව කියවන්​න

කොත්මලේල ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ කාර්මික දෝෂයක්ද යන්න සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවාග නිවේදනයක් නිකුත් කරමි ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකර බවයිග අනතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවාග තවත් පුද්ගලයින් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්ග

තව කියවන්​න