- මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්
- ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට
- ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- ඉෂාරාට සල්ලි දැමූ අයෙක් රිමාන්ඩ්
- මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්
- දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි
- රත්නපුර ප්‍රාදේශීය සභාව සජබෙට
- ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ
Author: Aditha Nawod Akalanka
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට එළඹෙන 2025 මැයි 19 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේදීයි. මීට සමගාමීව පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා. ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා මෙම උත්සවයට සහභාගී වීමට නියමිතයි. එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇති.
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ. ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතයි. කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.
මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා. වසර පහෙන් පහට ශේණිය උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම හා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර්ජනයකට ඊයේ රාත්‍රියේ එළඹුණා. මේ හේතුවෙන් දුම්රිය මගීන් පත්වුයේ දැඩි අසීරුතාවකට බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම නිවේදනයේ දක්වා තිබුණා. අමාත්‍යාංශය මෙම වසර ආරම්භයේදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ. දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 දෙනෙකු බඳවා ගැනීම ද ඊට ඇතුලත්.…
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් පොලිස් භාරයට ගැනීමත් සමග එම විමර්ශනය ආරම්භ කළ බවයි. දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂවරුන් මාර්ගයෙන් එම විමර්ශනය සිදු කෙරෙනු ඇති. පොළොන්නරුව සිරිපුර ගබඩාවක තිබී යුරියා පොහොර මිටි 1565ක් පොලිස් භාරයට ගෙන තිබුණා. එහි සාම්පල පරීක්ෂණ සඳහා කොළඹට රැගෙන එන බව ද චන්දන ලොකුහේවගේ මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කළා. එම පොහොර ජාවාරම සම්බන්ධයෙන් 12 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ , සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය…
2025 වසරේ ලොව හොඳම පවුල්-හිතකාමී ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ශේණිගත කර තිබෙනවා. ලොව සුප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව විසින් ශ්‍රී ලංකාව මෙලෙස ශේණිගත කර තිබුණා. ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන් , ජෛව විවිධත්වය ඓතිහාසික උරුමයන් මෙන්ම විශිෂ්ඨ ආගන්තුක සත්කාර ආදිය මෙම ශේණිගත කිරීමට හේතුවී ඇති බවයි එම සගරාව සදහන් කළේ. ශ්‍රී ලංකාවේ පවුල් හිතකාමී බැදීම මෙම සඟරාව විශේෂයෙන් අගය කර තිබෙනවා. ස්වීඩනය, නෝර්වේ සහ නවසීලන්තය වැනි රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ස්ථාන බොහෝ පවතින බවයි එම සගරාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.. ඒ අනුව ලොව හොදම පවුල් හිතකාමී ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව…
පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් සම්බන්ධව සහ පැපොල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟතාවක් සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත් පැපොල රෝගය වැළඳුණු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බවත්ය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත් එවැනි අවශ්‍යතාවක්ද මතු නොවනු ඇති බවයි. එමෙන්ම මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන්…
කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ සවස වෙඩිතැබීමක් සිදුව තිබුණා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි වාර්තා වුනේ. වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරීමට කටයුතු තකර තිබුණා. තුවාලකරුවන් වයස අවුරුදු 42 හා වයස අවුරුදු 70ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ. මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.. අද දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා. විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඊට සාපේක්ෂව මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමක්. මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයක්. මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනයේ නිරත වන බවයි වාර්තා වන්නේ. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222