Author: Aditha Nawod Akalanka

අධික වර්ශාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. මේ හේතුවෙන් ජලාශයට පහළින් සිටින පිරිස් ඒ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස ආපදා කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තව කියවන්​න

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණිලි අතුරින් මේ වන විට 14,030කට ආසන්න ප්‍රමාණයක් පිළිසකර කර විසඳා ඇති බවයි. පැය 24ක කාලයක් තුළ දිවයින පුරාම එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා අවධාරණය කළා.. විදුලි බිඳවැටීම් අතුරින් මධ්‍යම සහ බස්නාහිර පළාත තුළ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන්…

තව කියවන්​න

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය ඊයේ රාත්‍රී 9 සිට අද රාත්‍රී 9 දක්වා වූ පැය 24 සඳහායි නිකුත් කර ඇත්තේ. ගාල්ල දිස්ත්‍රික්කයේ බදදේගම ,මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය , කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් යන ප්‍රදේශීය ලේකම් කොට්ටාස සදහා මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද නිකුත් කර ඇත්තේ නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ කහ නිවේදනයි.

තව කියවන්​න

අයහපත් කාළගුණයෙන් ඉන්දියාවටතත් බලපෑම් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ ඊසාන දිග කොටසට ඇද හැළෙන අධික වර්ශාව හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 5 ක් වාර්තා වී ඇති බවයි සදහන් වන්නේ. වර්ශාව හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයටද රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළෙ

තව කියවන්​න

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක් සදහා බලපෑම් සිදු වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහනක් කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104 ක පවුල් 1214 ක් ආපදා නිසා පීඩාවට පත් වී ඇති බවයි. පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4623 ක් බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.

තව කියවන්​න

පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.2 කින් යුක්ත වන බවයි. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 180 ක් ගැඹුරින් පිහිටා ඇති බව සදහන්. පාකිස්ථානයට ඊයේ දිනයේද ප්‍රභල භූ කම්පනයක් සිදු ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.5ක්. පාකිස්ථාන ජාතික භූ විද්‍යා මධ්‍යස්ථානය සදහන් කළේ මැයි මාසය තුල පමණක් පාකිස්ථානයේ භූ කම්පන 09 ක් වාර්තා වී ඇති බවයි. මාසයක් තුල පාකිස්ථානයේ වාර්තා වූ වැඩිම භූ කම්පන ගණන මෙය වන බවයි එම මධ්‍යස්ථානය වැඩි දුරටත් නිවේදනය කළේ.

තව කියවන්​න

පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්ධන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව සඳහන් කළා. මෙහිදී පාසල් 257ක් පරීක්ෂාවට ලක්කළ අතර එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් සොයා ගත් බවත් ඇය සදහන් කළේ. එය සියයට 51%ක ප්‍රතිශතයක් බව ද සඳහන් කළ වෛද්‍යවරිය, මදුරු කීටයින් ඇති පාසල් 37ක් හඳුනාගත් බවත් එය සියයට 14.4%ක ප්‍රතිශතයක් බවත් පැවසුවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය…

තව කියවන්​න

ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා . පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම හා ඒ තුළින් දේශීය පොල් මිල පහත හෙළිමේ අරමුණින් මෙලෙස පොල් කිරි ආනයනය සිදු කරනු ලැබුවා. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය හා කාර්මාන්ත අමාත්‍යංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතිය අනුව මෙම පොල් කිරි තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වුනේ. . එමෙන්ම, මෙම ගෙන්වන ද්‍රව්‍ය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින්…

තව කියවන්​න

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රිස්තියානි උපදේශක මණ්ඩලය සඳහා 2025 වසරේ සිට 2028 වසර දක්වා පත්කරනු ලබන නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. මෙහි දී නව සාමාජිකයින් 15 දෙනෙකු වෙත අග්‍රාමාත්‍යවරිය විසින් පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා. පත්වීම් ප්‍රදානයෙන් අනතුරුව උපදේශක මණ්ඩලය මෙරට පාසල් පද්ධතිය සහ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රිස්තියානි ආගම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ආත්‍යතුමිය සමඟ සාකච්ඡා කළ බවයි වාර්තා වුනේ.

තව කියවන්​න

දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රික රටක් වුවද පෙර පාලකයන්ගේ සැලැස්මකින් තොර ක්‍රියාකලාපයන් හේතුවෙන් රටට සංවර්ධනය අහිමි වූ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. වත්මන් රජය ක්‍රමිකව සහ ස්ථාවරව රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ උත්සයට එක් වෙමින්. පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට…

තව කියවන්​න