- රටවල් තුනකින් ලාංකිකයන්ට වැඩිවැඩියෙන් රැකියා
- ඉන්දීය සබඳතා පිළිබඳ සුවිශේෂී හමුවකට විපක්ෂ නායක එක්වෙයි
- ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
- නුවරඑළිය සජබ මන්ත්‍රීගේ වරප්‍රසාද කඩවෙලාලු
- බණ්ඩාරවෙල බස් නැවතුමේදී කාන්තාවකට ප්‍රහාරයක්
- VIDEO : නිකිණි පෝදා ස්පා එකක් ඕපන් කරන්න ගිහින් ගිනි විජ්ජුම්බරයයි
- VIDEO : ගිනි අවියක් සහ මුගටි පැටියෙක් සමග සැප රියෙන් පැන යන්න හැදූ සැකකරු අත්අඩංගුවට
- කාන්තාවක් පැදවූ වෑන් රථයක් දුම්රියේ ගැටෙයි
Author: Aditha Nawod Akalanka
වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා . ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් . දිවයිනේ පළාත් පුස්තකාල සේවා මණ්ඩල මඟින් පුස්තකාල පද්ධතිය තුළ ඉටු කරනු ලබන කාර්යභාරය හා සේවාව ඇගයීමට ලක්කිරීමේ හා එම සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වාර්ෂික සමුළුව පවත්වනු ලබනවා. මෙම සමුළුව පැවැත්වෙන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා පළාත් පුස්තකාල සේවා මණ්ඩලවල සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත පළාත්සභා ක්‍රමය අනුව මෙරට පුස්තකාල සේවාව පුළුල් කිරීමේ හා විධිමත් කිරීමේ අරමුණෙන් පළාත් සභාවලට අනුබද්ධිතව පළාත්…
ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්‍රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය කිරීම සදහා ගිනි නිවන බවටයින් 230 ක් යොදවා ඇති අතර තත්ත්වය තවදුරටත් ක්‍රමිකව වර්ධනය වන බවයි එම නිලධාරීන් සදහන් කර ඇත්තේ. මේ වන විට ප්‍රදේශයේ නිවාස 1500 ක ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද සදහන්. ලැව් ගිනි හේතුවෙන් පැතිර යන දුමාරයෙන් හුස්ම ගැනීමේ අපහසුතා මතු වූ…
ජපානයේ ටොරෝකා දූපත් වෙත සති දෙකක් තුල භූ කම්පන 900 ක් සිදු වී ඇති බව ජපාන භූ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එම සියලුම භූ කම්පන රික්ටර් මාපකයේ ඒකක 5 ට අධික බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ. මෙම කලාපය තුල වසරකට භූ කම්පන 1500 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර සති දෙකක් තුල භූ කම්පන 900 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපාන ටොරෝකා දූපත් සදහා දූපත් 12 ක් අයත් වන අතර ඉන් දූපත් 6 ක ජනාවාසද පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
2025 වසරේ ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් එකොළොස් ලක්ෂ හැට අටදහස් හතලිස් හතර දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංචාරක මාසික වාර්තා සටහනේ මේ බව දක්වා තිබුණා. ජුනි මාසයේ දී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 138,241 ක්. එය 2024 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි එම සටහනේ දක්වා ඇත්තේ. ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්්‍රලියාව සහ පාකිස්තානය යන රටවලින් පසුගිය මාසයේ වැඩිම සංචාරක පැමිණීම සිදු ව තිබෙනවා.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය යනුවෙන් හඳුන්වා ගත් කණ්ඩායමක් පදනමක් රහිතව සුරාබදු දෙපාර්තමේන්තුව මූලික කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රකාශ හා නිවේදන නිකුත් කරන බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ව්‍යාජ සංගමය පදනම් විරහිත මාධ්‍ය නිවේදන හා පුවත්පත්වල ලිපි පළ කරමින් ජනතාව තුල රජය සම්බන්ධයෙන් අප්‍රසාදයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි . “බදු ශක්ති “වැඩ සටහන මූලික කර ගනිමින් 2025.06 මස .14 වන දින එම සංගමයේ රැස්වීමක් දිවයිනේ ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදන සමාගමක අනුග්‍රහයෙන් පවත්වා තිබෙනවා. එම සමාගමේ පරිගණක ආශ්‍රිත ඉදිරිපත් කිරීමක් මඟින් මත්පැන් හඳුන්වා දෙමින් මත්පැන් ප්‍රවර්ධනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවද…
මහරගම අපේක්ෂා රෝහලට රුපියල් මිලියන 600ක වටිනාකමකින් යුත් පස් මහල් ළමා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. ඉන්ද්‍රා ටේ්‍රඩස් සමුහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍රා කුමාර සිල්වා මහතාගේ මුල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ පස් මහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදි කරනු ලබනවා. මෙම ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව ප්‍රමාධ වීමෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි මෙම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ. https://youtu.be/zkDxr0l07P0?feature=shared
මේ වන විට රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. රටේ ජනතාවගේ ජීවිතය දැඩි අර්බුදයකට ලක් වී ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ. ඒ මහතා මේ බව සදහන් කළේ සර්ව ජන මහ සභා පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින්. https://youtu.be/C85CSfsgNQc?feature=shared
දහම් අධ්‍යාපනය සේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර උහන ගෝනගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා. https://youtu.be/JalYuzTOhD0?feature=shared
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කර තිබෙනවා. අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බවයි සඳහන් වන්නේ . එමෙන්ම www.wbb.gov.lk යන සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවියේ ද එම නාමලේඛනය පළ කර තිබෙනවා . සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබාදී ඇති තොරතුරුවල යම් වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සඳහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි. . අභියාචනා ගොනු කිරීමට පෙර සියලුම අභියාචනාකරුවන් නිවාස තොරතුරු එක්…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සටන් විරාමයකට ඊශ්‍රායලය එකග වී ඇති පසු බිමක මෙම ප්‍රහාරය සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඊශ්‍රායලය සරණාගත ජනතාව නවාතැන් ගෙන සිටින කූඩාරම් සහ ආධාර මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කරන බවයි. සති පහක් වැනි කෙටි කාලයක් තුල 600 කට අධික පලස්තීන සරණාගත ජනතාවක් ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා. දින 60 ක සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය එකගතාවය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් එම සටන් විරාමය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222