Author: Anura Premakumara
ප්‍රදේශ කිහිපයකට සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ක`ඵ ගගේ අතු ගංඟාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල මෙලෙස සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඒ අනුව ඉදිරි පැය 24 ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත් බිම්වල සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාර්තා වනවා. එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යට වී තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහන සදහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිට වී වැලිගම සහ…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතු`ඵ වෘත්තිය සංගම් කිහිපයක් විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී තිබෙනවා. මෙහිදි විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද මතුව ඇති බවයි වාර්තා වන්නේ. ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබුවේ. මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සඳහා වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් සහභාගී වී තිබෙනවා.
බන්ඩි පොහොර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 9000 ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයාට මෙම උපදෙස් ලබාදී ඇති බව සදහන්. මේ වන විට බන්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 27,000 ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතිනවා. මේ අතර යූරියා පොහොර ද සියලුම ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් සහ රාජකාරි ඉටු කිරීම සදහා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු කමිටුව විසුරුවා හරිනු ඇති. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අත්සන් තැබූ බවයි ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පැවසුවේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස තරග තුළ පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය අත්හදා බැලීම ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව අද ආරම්භ වීමට නියමිත එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු විස්සයි විස්ස තරගයේ දී මෙම අත්හදා බැලීම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙහිදී ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මෙමඟින් පන්දුවාරයක් අවසන් වී මීළඟ පන්දුවාරය ආරම්භ කිරීම සඳහා හිමිවන තත්ත්පර 60ක කාලය ගණනය කිරීම සිදුකරනු ලබනවා. ඒ, අනුව පන්දු රැකීමේ නිරතව සිටින කණ්ඩායම විසින් තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට සූදානම් විය යුතුයි. එලෙස තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත්…
බුද්ධි ගලනය නවතා ගැනීමට කටයුතු නොකරන්නේ නම් තවත් අවුරුදු 03න් රට මානව කාන්තාරයක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට මෙරට ඡනතාවට හෙට දිනයේ හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. හෙට දින රාත්‍රී 9.00 න් පසු උතුරු සහ නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි, එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කළේ. මෙය වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.
ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. එහිදී මෙම යෝජනාවට පක්ෂව රටවල් 153ක් ඡන්දය ලබා දී ඇති අතර, ඊට විරුද්ධව රටවල් 10ක් ඡන්දය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහිදී රටවල් 23ක් ඡන්දය ලබා දීමෙන් වැලකී තිබෙන අතර, ඒ අනුව මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ රැස්වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි එම අරමුදලේ විධායක මණ්ඩලය එහිදී පෙන්වා දී ඇත්තේ.
2024 අයවැය තෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි. අද දිනයේ විවාදය අවසන් වීමෙන් පසු පස්වරු 06 ඊට අදාළ ඡන්ද විමසීම පැවැතවීමට කටයුතු යොදා තිබෙනවා. 2024 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම පසුගිය නොවැම්බර් 13 වැනි දා සිදු කළා . විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 14 සිට 21 දක්වා පවත්වනු ලැබුවා . එමෙන්ම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වූ අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් සහ විරුද්ධව ඡන්ද 77 ක් ලැබුණු අතර, වැඩි ඡන්ද 45න් අයවැය දෙවැනිවර කියවීම සම්මත වුණා. අනතුරු නොවැම්බර් 22 වැනිදා අයවැය තෙවනවර කියවීමේ විවාදය ආරම්භ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222