Author: Anura Premakumara

තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව්, මාතලේ, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයෙන් දක්වා ඇත්තේ. යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන්. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

තව කියවන්​න

අද උදෑසන 8 ට ආරම්භ වීමට නියමිතව තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සංකේත වැඩවර්ජනය අවසන් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළේ.

තව කියවන්​න

වැට් බදු වැඩිවීමත් සමග ජනවාරි මාසය තුළදී බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ජනතාව පිට අසීමිත ලෙස බදු බර පැටවීම තුළින් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට වැඩිකලක් බලයේ සිටිය නොහැකි බවයි.

තව කියවන්​න

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට මෙරට ඡනතාවට අද දිනයේ හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. අද දින රාත්‍රී 9.00 න් පසු උතුරු සහ නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි, එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කළේ. මෙය වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

තව කියවන්​න

පාසල් සිසුන් වෙනුවෙන් සහන මිලට අභ්‍යාස පොත් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශන්ත බණ්ඩාර මහතා පැවසුවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව පාසල්වල විදුහල්පතිවරුන්ට පාසල් අභ්‍යාසපොත් ඇනවුම් කළ හැකි බවයි ශන්ත බණ්ඩාර මහතා සදහන් කළේ. මේ අතර පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් සහ ලිංගික අපචාරවලින් මුදා ගැනීම සදහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයට අනුව මත්උවදුරින් දරුවන් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ ඒ පිළිබද…

තව කියවන්​න

අද දිනය තුළ සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ජාතික අක්ෂි රෝහල තුළයි මෙම සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකිරීමට නියමිතව ඇත්තේ. ඒ අනුව අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරු 08 සිට පස්වරු 04 දක්වා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළා. ජාතික රෝහලේ පවතින ගැටළු ඇතුලු ඉල්ලීමක් කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුවන්නේ.

තව කියවන්​න

2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසිම වැඩි ඡන්ද 41න් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 122ක් හිමිවු අතර විපක්ෂව හිමිවු ඡන්ද සංඛ්‍යාව 81ක්. ඒ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට මෙලෙස දැනුම් දීමක් කළා. මේ අතර පාර්ලිමේන්තුවේදී සම්මත වු 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ලබා දී තිබෙනවා.

තව කියවන්​න

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා සංශෝධිත නව පනත් කෙටුම්පතක් ගෙන එන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. එම කෙටුම්පත සකස් කිරීම සදහා මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව ප්‍රකාශ කළා. ධීවර කටයුතුවල නිරත වන බෝට්ටුවලට බැටරි මෝටර් යොදා ගැනීම තුළින් ධීවරයින්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන බවත් එතුළින් ඉන්ධන ප්‍රශ්නයට විසදුම් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය සදහා නව ඒකකයක් ස්ථාපිත කරන බව පොලිසිය පවසනවා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි නව එකකය ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම තාවකාලිකව නවතා දමා තිබු පොලිස්පති මහජන සහන දිනය අද සිට යළි ආරම්භ කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළා.

තව කියවන්​න

2024 අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබෙනවා. අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද(13) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණයි. ඒ් අනුව වැඩි ඡණ්ද 41කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එලෙස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. ඒහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්ද විපක්ෂව ඡන්ද 77ක්ද ලැබුණා. ඒ අනුව අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව පසුගිය නොවැම්බර්…

තව කියවන්​න