Author: Anura Premakumara

රුසියානු – යුක්රේන යුධ ගැටුම් අවසන් වී සාමය ඇති වන්නේ රුසියාවේ අරමුණු සාක්ෂාත් කරගත් විට පමණ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසනවා. ඒ අනුව තම යුද අරමුණ නොවෙනස්ව පවතින බව එරට රූපවාහානි නාලිකා හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 2022 පෙබරවාරි මාසයේදී මෙම යුධ ගැටුම් ආරම්භ වූ අතර, මේ වන විටත් දෙරට අතර යුධ ගැටුම් පවතිනවා.

තව කියවන්​න

රාගම වල්පොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 08.30ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙහිදී 17 හැවිරිදි තරුණයෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් රාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සඳහ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පල කරනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද පැවැත්වෙනවා. ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි මෙම ජාතික මහා සම්මේලනය පැවැත්වෙන්නේ. මේ එහි සුදානම පිළිබද මාධ්‍යට අදහස් පලකළ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා.

තව කියවන්​න

බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ නව බදවා ගැනීම් ද පසුගියදා ආරම්භ කළ බවයි. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරුවල පුරප්පාඩු පිරවීම සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා. එහිදී පළමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි කාලයක්  සපිරෙන නිලධාරීන් උසස් කිරීමට පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කළේ.

තව කියවන්​න

ඉදිරි මාස හයක කාලය තුළ රටේ අපරාධ මර්දනයේ විශාල වෙනසක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. රටේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් කළ හැකි විශාලතම මෙහෙවර වන්නේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතල ක්‍රියාකාරකම් තුරන් කර දැමීම බවයි අමාත්‍යවරයා සදහන් කළේ. පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. 2023 උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 4 වන දින ආරම්භ කර ජනවාරි මස 31 දක්වා පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව අදාළ නිවේදනයෙන් පවසා ඇත්තේ. එමෙන්ම ප්‍රවේශපත්‍ර සහ කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා පාසල් ප්‍රධානීන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපිනයන් වෙතත් මේ වන විට තැපල්කර යවා ඇති බව සදහන්.

තව කියවන්​න

කහවත්ත ප්‍රදේශයේ නිවසක් තුලදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 71 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කලේ. අදාළ කාන්තාව සිය දියණිය සමග එම නිවසේ වාසය කර ඇති අතර ඇය නිවසේ නොසිටි අවස්ථාවේදීයි මෙය සිදුව ඇති බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ආනයනික බිත්තර මිලියන 15 ක් මේ වන විට ඇණවුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේ එළඹෙන සදුදා දින එම බිත්තර තොගය මෙරටට ලැබීමට නියමිත බවයි. ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10 ක්, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කොට වාර්තා ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒවායේ වාර්තාව ද එළඹෙන සෙනසුරාදා දින ලැබීම නියමිතයි. කෙසේ වෙතත් මේ වන විට මෙරට වෙළදපොල තුළ දේශීය බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම කුකුල් මස් කිලෝවක මිල ද රුපියල් 1600 ක මිලට ආසන්න වී ඇති බවටයි වෙළදුන් චෝදනා නගන්නේ. ඊයේ දිනය වන විට…

තව කියවන්​න

මෙරට පිරිමි පුද්ගලයින් සියයට 10 කට අධික සංඛ්‍යාවක් ගෘහස්ථ හිංසනයට ලක් වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ කාන්තා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නේත්‍රාංජලී මාපිටිගම මහත්මිය පවසනවා. මෙලෙස හිංසාවට පත්ව ඇති බොහෝ පිරිමි පුද්ගලයින් කායික හිංසනය, ආර්ථික හිංසනය, ලිංගික හිංසනය, මානසික හිංසනය වැනි පීඩාවන්ට ගොදුරු වී ඇති බවටයි වෛද්‍යවරිය කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර ගෘහස්ථ හිංසනය පිළිබද දැනුම් දීමට මිතුරු පියස ඒකකය සදහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා. ඒ අනුව 070 – 2 611 111 යන දුරකථනය අංකයට ඇමතීමෙන් ගෘහස්ථ හිංසන පිළිබද දැනුම් දිය හැකියි.

තව කියවන්​න

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000 කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව සදහන්. එමෙන්ම රුසියාව, බි්‍රතාන්‍යය, ජර්මනිය මෙන්ම චීනය ඇතු`ඵ රටවල්වලින් මෙම සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. ඒ අනුව ගත වූ වසර තුළ සංචාරකයින් දහ තුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතලිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

තව කියවන්​න